IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


හත්සිය වසරකට පෙර එක්ව මියගිය යුවළක්

වසර 700ක් අත්වැල් බැඳගෙන සිටි යුවලකගේ ඇටසැකිලි දෙකක් එංගලන්තයේ ලෙස්ටර්ෂයර්හි දේවස්ථාන භූමියකින් හමුවී ඇත. හැල්න්ටන්හි ශාන්ත මොරෛල් දේවස්ථානය ලෙස හැඳින්වෙන මේ දේවස්ථානය 14 වැනි සියවසේ සිට පූජනීය ස්ථානයක්ව පැවතිණි.  දේවස්ථානය ඉදිකැර ඇත්තේ පැරණි රෝමානු ගොඩනැගිල්ලක් මතයැයි ද විශ්වාසයක් පවතී.

පුරාවිද්‍යාඥයන් පවසන්නේ මේ ඇටසැකිලි දෙකම එකම වයසකට අයත් වූවන් දෙදෙනකුගේ යැයි පෙනෙන බවයි. කෙසේ වෙතත් ඔවුන් දෙදෙනා මිය යන අවස්ථාවේ කවර වයසකට අයත් වූවේ ද යන්න මෙතෙක් තහවුරු කැරගෙන නැත. එය දැනගැනීමට තවත් පර්යේෂණ කළ යුතුයැයි ලෙස්ටර්ෂයර් විශ්වවිද්‍යාලයේ පුරාවිදයාඥයකු වූ විකී ස්කෝරේ පවසයි.

දේවස්ථානයේ කැණීමෙන් තවත් සිරුරු නමයක් හමුවී ඇත. ඒවා සියල්ල එකම කාලයකට අයත් බව ද සොයාගෙන තිබේ. ඉන් එක් වැඩුණු පිරිමියකුගේ ඇටසැකිල්ලක තියුණු ආයුධයකින් හිසට පහරක් වැදී ඇති බවට සළකුණු ඇතැයි ද පුරාවිද්‍යාඥයෝ කියති. තවත් පිරිමි ඇටසැකිල්ලක දෙකකුල් පපුව අසළට එසැවී තිබී ඇත.

කැණීමේ දී 11-15 වැනි සියවස්වලට අයත් රිදී පැන්ස හමුවූ බවත් මේ ස්ථානයේ තිබූ පැරණි ගොඩනැගිල්ලක ගඩොල් අතුරන ලද පොළොව හමුවූ බවත් පර්යේෂකයෝ කියති.  

couple (2) couple (3) couple (4) couple (5) couple (6)



අදහස් (0)

හත්සිය වසරකට පෙර එක්ව මියගිය යුවළක්

ගාමිණී සිරිවර්දන Wednesday, 17 September 2014 11:00 AM

එකම ස්ථානයේ අත්වැල් පටලවා භූමදාන කර ඇත්තේ 13 වෙනි සිවසේ නම් රාජ නියෝගයක් අනුව දඬුවමක් වශයෙන් මරණ දඬුවම් දීමක් . ත්‍රස්ත ක්‍රියාවක් හෝ සොර කල්ලියකගේ වැඩක්.වසර 700 යි 7000 යි නොකීව එකත් පුදුමයක් ! (ස)

:       0       0

හිරා Wednesday, 17 September 2014 02:03 PM

මේ ලෝකයේ මෙවැනි ඇටසැකිලි මොන තරම් ඇතිද?(දිල්)

:       0       0

අම්පාරේ දුමිත Wednesday, 17 September 2014 03:46 PM

ඉතිහාසය වසර 700 යුවලගේ වයස ගණනය කිරීමට අපහසු ඇයි අස්ථි හා හනුව පරීක්ෂා කිරීමෙන් එය කිවහැකි නේද (අ)

:       0       0

රජින්ද Wednesday, 17 September 2014 10:20 AM

වසර 1000කටවත් එහා ඉතිහාසයක් නැති මිනිස්සු ඉතිහාසය සොයා යන යුගයේ වසර 3000 කටත් වඩා වැඩි ඉතිහාසයක් ඇති අපේ මිනිස්සු ඒ ඉතිහාසය කෙලෙසන ආකාරය කොතරම්නම් සෝචනීයද? (ස)

:       0       0

ජයත් Wednesday, 17 September 2014 10:42 AM

"සංසාරෙන් අපි සමුගන්න දා ඒ ගමනත් අපි එකට යමු " (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 68 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 725 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 349 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site