
එක්සත් ජාතීන්ගේ 76 වැනි මහා මණ්ඩල සැසිය ආරම්භ විය. සාමාජික රටවල් 193 ක රාජ්‍ය නායකයන් සමුළුවට සහභාගී වීමටත් සමුළුව ඇමැතීමටත් නියමිතය.
ආර්ථික, සමාජීය, සංස්කෘතික, අධයාපන සහ සෞඛ්‍ය ආදී අංශ සම්බන්ධයෙන් පවතින අර්බුද මෙවර සමුළුවේ දී සාකච්ඡා කෙරෙනු ඇත. ඊට අමතරව, 'කොවිඩ් 19' වසංතය සහ එයින් ලෝක ආර්ථිකයට එල්ල වුණු බලපෑම කෙරෙහි වැඩි අවධානයක් යොමු වනු ඇතැයි ද පැවැසෙයි.
පසුගිය මහා මණ්ඩල සැසිය පැවැත්වූයේ වීඩියෝ තාක්ෂණයෙනි. සමුළුව පැවැත්වෙන නිව්යෝක් නුවර එක්සත් ජාතීන්ගේ මූලස්ථානයට සහභාගී වූයේ රාජ්‍ය නායකයන් අතලොස්සක් පමණි. එසේ වූයේ 'කොවිඩ් 19' වසංගතය හේතුවෙනි.
කෙසේ නමුත් මේවනවිට එන්නත්කරණ කටයුතු සාර්ථකව සිදුවන බැවින්, එන්නත් ලබා ගත් රාජ්‍ය නායකයන්ට සමුළුවට සහභාගී වීමට අවස්ථාව ලැබී තිබේ.
ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් මහා මණ්ඩල සැසියට සහභාගී වීමට නිව්යෝක් නුවරට යෑමට සූදානම් බවත්, ඔහු සමුළුව අමතන්නේ එලැඹෙන 21 වැනිදා බවත් ධවල මන්දිරය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
ඉන්පසු ලබන 24 වැනිදා ජනාධිපති බයිඩන්, 'ක්වඩ්' රාජ්‍ය නායක සමුළුවට සහභාගී වෙයි. එහිදී බයිඩන් ඉන්දියා, ඔස්ට්‍රේලියා සහ ජපන් රාජ්‍ය නායකයන් හමුවෙයි. මෙම සමුළුව පැවැත්වෙනු ඇත්තේ ධවල මන්දිරයේදීය.
(රොයිටර්)
2025 දෙසැම්බර් මස 04
687
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
553
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
448
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
එක්සත් ජාතීන්ගේ 76 වැනි සැසිය ඇරැඹේ