IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


උඩුගුවනට කුලී සේවයක්

පෘථිවියේ සිට අන්තර්ජාතික අභ්‍යාවකාශ මධ්‍යස්ථානය දක්වා කුලී රථ සේවාවක් ආරම්භ කිරීමට ගුවන්යානා නිෂ්පාදක සමාගමක් වන බෝයිංග් සැරසේ.

කෙසේ නමුත් මේ කුලී රථයේ ආසනයක් වෙන් කරගන්නට එසේ මෙසේ පුද්ගලයෙකුට නොහැකි වනු ඇත.දැනට මෙම අභ්‍යාවකාශ කුලී රියේ අසුනක් මිල කර ඇත්තේ ඩොලර් ලක්ෂ 500 ක (රුපියල් 65380) මුදලකටය.

අභ්‍යාවකාශ යානා ව්‍යාපෘතිය අත්හැරීම නිසාවෙන් පසුගිය කාලය පුරාවට නාසා ආයතනයට අන්තර්ජාතික අභ්‍යාවකාශ මධ්‍යස්ථානයට ගගනගාමිීන් යැවීමට රුසියාවේ පිහිට පැතීමට සිදුවූ අතර නමුත් දෙරට අතර සබදතා පළුදු වීම නිසාවෙන් දැන් එම අවස්ථාව පෞද්ගලික සමාගම් වෙත ලබාදීමට නාසා ආයතනය කටයුතු කර ඇත.

බෝයිංග් සමාගම මෙසේ නාසා ආයතනය හා අභ්‍යාවකාශ මධ්‍යස්ථානයට ගගනගාමිීන් ප‍්‍රවාහනය කිරීම සදහා ගිවිසුම් අත්සන් කර ඇති සමාගමක් වන අතර ඔවුන් සැරසෙන්නේ එම ගගනගාමීන්ද සමග එක් සංචාරකයෙකුත් අභ්‍යාවකාශ මධ්‍යස්ථානයට යවා අමතර මුදලක් උපයා ගැනීමටයි.

කෙසේනමුත් බෝයිංග් සමාගමේ අදහස සම්බන්ධයේන නාසා ආයතනය මේ දක්වාම කිසිත් සදහනක් කර නොමැත. අභ්‍යාවකාශ සංචාරයත් නුදුරේදීම ආරම්භ වන ලකුණු පෙනෙන්නට ඇති අතර දැනටමත් පෞද්ගලික සමාගම් බොහෝමයක් අභයාවකායට සංචාරකයින් ගෙනයා හැකි යානාවන් නිර්මානය කරමින් සිටී.

ඩොලර් බිලියන ගණනක් වටිනා මෙම ක්ෂේත‍්‍රයෙන් එම වටිනාකම මෙන් දෙගුණ තෙගුණ ගණනින් මුදල් උපයා ගැනීමට මෙම සමාගම් වලට හැකිවනු ඇතැයි පැවසේ.

1411001831233_wps_19_In_this_undated_image_pro 1411002024241_wps_20_This_handout_photo_provid

 



අදහස් (0)

උඩුගුවනට කුලී සේවයක්

බණ්ඩාර සරත් Thursday, 16 October 2014 08:49 AM

මම ඉන්දියානු පුවත්පතක කියෙවුවා, ඉන්දියාවත් මෙම තරඟයට ඉන්න බව. 2050 වනවිට ඔවුනුත් අජටාකාශ ටැක්සි සේවයක් පවත්වන බවත්, සඳෙහි සහ අඟහරු මත ඔවුන්ගේ ජනාවාසයක් පිහිටුවන බවත් එහි තිබුණා. ලංකාවේ අපිටත් ලාබෙට ඔවුන්ගේ අජටාකාශ යානයකින් ඒවායේ යන්න පුළුවන් (නි)

:       0       0

ගැමුණු Thursday, 16 October 2014 10:19 AM

රවුමක් ගියානම් නියමයි.(හේ)

:       0       0

යසන්ත Friday, 17 October 2014 02:47 AM

මටත් ආසයි යන්න (නි)

:       0       0

ධම්මික Wednesday, 15 October 2014 11:29 AM

රුපියල් 65380.00 පමණි. මමත් යනවා.(හේ)

:       0       0

අජිත් Thursday, 16 October 2014 01:03 PM

අන්න හොදයි, ඒක තමයි දැන් අපිට අඩුවෙලා තිබුනේ.(හේ)

:       0       0

ජයසිරි මනිමේන්ද්‍ර Thursday, 16 October 2014 06:47 AM

රුපියල් 65380.00 පොඩි ගාණක්නේ ඉන්දියාවට ගිහින් එන්න යන වියදම වගේනේ. මමත් යනවා (නි)

:       0       0

හේරත් Wednesday, 15 October 2014 06:21 PM

අද ලෝකය තාක්ෂණය පැත්තෙන් මොනතරම් දියුණුද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 258 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 182 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 988 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site