ඉන්දියාවේ නව දිල්ලි නුවර හෝටලයක අද (12) ඇති වූ ගින්නකින් පුද්ගලයන් 17 දෙනෙකු මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මෙම හෝටලය සංචාරයන් වැඩිපුර ගැවසෙන ප්‍රසිද්ධ ස්ථානයකි. මහල් 5 කින් සමන්විත හෝටලයේ සිව් වැනි තට්ටුවේ ගින්න ඇති වී තිබේ.
ගින්න ඇතිවන අවස්ථාවේ හෝටලයේ සිටි බෝහෝ පිරිසක් නිදාගෙන සිට තිබේ.
හෝටලයේ ජනෙල් කවුළුකින් පැන යාමට උත්සහ කිරිමේ දී කාන්තාවක් ඇතුළු දරුවකු ජිවිතක්ෂයට පත්වූ බව එරට ප්‍රාදේශීය මාධ්‍ය වාර්තා කරයි.
ගින්න මේ වන විට පාලනය කර ඇති බවත් ගිනි නිවන භටයන් විසින් තුවාල ලැබූවන් 35 දෙනෙකු බේරාගෙන රෝහල් ගත කර තිබේ.
(28535)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd