ගඩාෆි පාලනය අවසන් කිරීමට නේටෝ හමුදා ලිබියාවට හෙලූ බෝම්බවලින් මානව හිමිකම් උල්ලංඝනයක් සිදුවී ඇතිදැයි සොයා බැලීමට පරීක්ෂණ ආරම්භ කරන බව එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ මීළඟ සභාපතිවරයා ලෙස පත්වීමට නියමිත බාසෝ සැන්ක් පවසයි. බාසෝ සැන්ක් දකුණු අපි‍්‍රකාව නියෝජනය කරන එක්සත් ජාතීන්ගේ තානාපතිවරයාය. නව සභාපතිවරයා ලෙස තව දින කිහිපයකින් වැඩ භාර ගැනීමට නියමිතව සිටින්නේ බාසෝ සැන්ක්ය. ලිබියා කැරැල්ල උත්සන්න වූ අවස්ථාවේදී කැරැලිකාර පාර්ශ්වයේ ඉල්ලීම සලකා ඇමෙරිකාව, බි‍්‍රතාන්‍ය සහ ප‍්‍රංශය එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය හරහා යෝජනාවලියක් සම්මත කර ගත්තේය. ලිබියාවට ඉහළ අහසේ ගුවන් ගමන් තහනම් කර, ගඩාෆි හමුදා ඉලක්ක කර ගනිමින් බෝම්බ හෙලීමට නේටෝවට අනුමැතිය ලැබුණේ එම යෝජනාවලිය ඔස්සේය. නේටෝව එල්ල කළ බෝම්බ ප‍්‍රහාරවලින් ලිබියා හමුදාවට බරපතළ හානි සිදුවූ අතරම ලිබියාවේ සිවිල් වැසියෝ ද ජීවිතක්ෂයට පත්වූහ. ගඩාෆිගේ මුණුබුරු මිණිබිරියෝද ඒ අතර සිටිති. නේටෝ ප‍්‍රහාරවලින් මියගිය සිවිල් වැසියන්ගේ සංඛ්‍යාව කොතරම්දැයි මෙතෙක් අනාවරණය වී නැත. එහෙත් මහා පරිමාණයෙන් මානව හිමිකම් උල්ලංඝනයක් සිදුවූ බවට මානව හිමිකම් සුරැකීමේ සංවිධාන එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයට පැමිණිලි කර ඇත.
1
නියාමනයෙන් පස්සේ ත්‍රීරෝද රථ ධාවනයේදී පරණ සෙල්ලම් බෑ
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd