හදිසියේ ගිනි ඇවිලීමට ගත් නිසාවෙන් ලොව පුරා මහත් ආන්දෝලනයක් ඇතිවීමට තුඩු දුන් සැම්සුන්ග් සමාගමේ ගැලැක්සි නෝට් 7, ස්මාර්ට් ෆෝනයේ නිශ්පාදන කටයුතු සම්පූර්ණයෙන්ම අත්හිටුවීමට එම සමාගම තීරණය කර ඇත.
නිවේදනයක් නිකුත් කරමින් එම සමාගම සඳහන් කර තිබෙන්නේ තම පාරිභෝගිකයන්ගේ ආරක්ෂාව ගැන සිතා මෙම තීරණයට එළැඹි බවය.
ගැලැක්සි නෝට් සෙවන් ස්මාර්ට් ෆෝනයන් හදිසියේ ගිනිගන්නා බව අනාවරණය වීමත් සමග වහාම හානියට පත් ස්මාර්ට් ෆෝනයන් නැවත කැඳවීමට කටයුතු කළ සැම්සුන්ග් සමාගම, පසුව එම දුරකතන පරිශීලනය කරමින් සිටි පුද්ගලයින්ට නවතම ගැලැක්සි සෙවන් ස්මාර්ට් ෆෝනයන් ලබාදුන්නේ වරද නිවැරදි කර ඇති බවට සහතිකයක් දෙමිනි.
නමුත් එසේ ලබාදුන් ස්මාර්ට් ෆෝනයන්ද ගිනි ගන්නා බව අනාවරණය වීමත් සමග සැම්සුන්ග් සමාගමට ලොව දස දෙසින් දෝශාරෝපණ එල්ල විය.දකුණු කොරියාවේ ආර්ථික ඇමැතිවරයාද නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටියේ, සැම්සුන්ග් සමාගම වරද පිළිගෙන අදාළ පරිදි කටයුතු නොකළහොත් එයින් හානි වන්නේ දකුණු කොරියාවේ සමස්ත අපනයනයන්ට බවයි.
ආර්ථික විශ්ලේෂකයින් මත පල කර ඇති ආකාරයට මෙසේ නිශ්පාදන කටයුතු අත්හිටුවීමට ගත් තීරණය නිසා සැම්සුන්ග් සමාගමට අහිමිවනු ඇති මුදල ඩොලර් බිලියන 17 කට ආසන්නය.මෙම ගණනය කිරීම සිදුකර ඇත්තේ ගැලැක්සි සෙවන් ස්මාර්ට් ෆෝනයන් ලක්ෂ 190 ක් විකිණීමට හැකිවේයැයි සැම්සුන්ග් සමාගම පළකර තිබූ පුරෝකථනයක් අනුවය.
ගැලැක්සි නෝට් සෙවන් අත්හිටුවීමෙන් සැම්සුන්ග් සමාගමට ආර්ථික වශයෙන් වන අලාභයට වැඩි අලාභයක් නාමික වශයෙන් ගෙවීමට සිදුවනු ඇත.ඒ විශ්වසනීය සමාගමක් ලෙසට පාරිභෝගිකයන් අතර තිබූ පිළිගැනීම සෑහෙන පමණකින් අහිමි වන නිසාය.
මේ සම්බන්ධයෙන්ද අදහස් දක්වා ඇති විචාරකයින්ට අනුව සැම්සුන්ග් සමාගමේ ආපදාවෙන් වාසි සළසා ගනු ඇත්තේ පික්සල් නම් නවතම ස්මාර්ට් ෆෝනයක් සමග වෙළදපලට පිවිස සිටින ගූගල් සමාගම තම නවතම අයිෆෝනය ඉදිරිපත් කර තිබෙන ඇපල් සමාගමය.
2025 දෙසැම්බර් මස 18
468
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
251
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1042
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ගැලැක්සි සෙවන් යන්නම යයි
බණ්ඩා Tuesday, 11 October 2016 03:56 PM
ගැලක්සි නෝට් 7 නේද?(හේ)
මහේෂ් Wednesday, 12 October 2016 05:29 AM
අයියෝ! බණ්ඩාට සිංහල කියවන්න බැරිද?