දැඩි නියඟයක් පවතින කැලිෆෝර්නියාවේ කඳු බැවූමක ඇතිවු ලැව්ගින්නක් හේතුවෙන් ඒ තුල කඳවුරු බැඳගෙන සිටි පුද්ගලයන් 300 ක් පමණ වහාම ඉවත්කළ බව ඇමරිකානු ගිනිනිවීමේ සේවා දෙපාර්තමේන්තුව උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මෙම පිරිසෙන් වැඩි පිරිසක් අධ්‍යන කටයුතු සඳහා කඳවුරු බැඳගෙන සිටි විශ්වවිද්‍යාල සිසුන්ය.
ලොස් ඇන්ජලිස් උසස් විද්‍යාලයේ සිසුන් සිටි කඳවුරු පහක් ඉවත් කැර ඇතැයි ද රොයිටර් වාර්තා කරයි.
මෙම ගින්න හේතුවෙන් තුවාල වීම් හෝ කූඩාරම් වලට වු හානියක් සිදුව නැත. ගින්න පැතිර ගොස් ඇත්තේ ඇන්ජලස් ශිඛර මහාමාර්ගය දිගේය. ඇමරිකානු වන සංරක්ෂණ සේවාවට අනුව ශාන්ත බර්නාඩිනෝ වලට වයඹ දිගින් වු ප්‍රදේශයේ අක්කර 125 ක් පමණ ගින්න හේතුවෙන් විනාශයට පත්ව තිබේ.
ගින්න හේතුවෙන් මහාමාර්ගයේ සියයට 10 ක කොටසක් විනාශ වි මාර්ගය වසා දමා තිබිණි.
පසුගිය සිකුරාදා ශාන්ත බර්නාඩිනෝ වලට උතුරු දෙසින් වු මහාමාර්ගයක් වසා පැතිරීගිය ලැව්ගින්නක් හේතුවෙන් ගොඩනැගිලි හතරක් විනාශ වු අතර වාහන 20 ක් ගින්නෙන් පිලිස්සි ගොස් තිබිණි. තවත් වාහන 60ක් රියැදුරන් විසින් අතහැර දමා ගොස් තිබුණේ ඔවුන්ගේ ආරක්ෂාව සළසා ගැනීමේ අපේක්ෂාවෙනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇමරිකාවට හීනෙන් යන්නත් වාසනා කරන්න ඕනෑ කියන අය දැන් මොනවද දන්නේ නැහැ කියන්නේ. (නි)