IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


නයිජීරියාවේ කිතුනු දේවස්ථාන තුනක බෝම්බ පිපිරී 27 ක් මරුට

නයිජීරියාවේ කිතුනු දේවස්ථාන තුනක් ඉලක්ක කර ගනිමින් නත්තල් දා (25 වැනිදා) බෝම්බ පුපුරා ගිය අතර පුද්ගලයෝ 27 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. බෝම්බ ප‍්‍රහාරයන්ගේ වගකීම භාරගෙන ඇත්තේ නයිජීරියාවේ කි‍්‍රයාත්මක බොකෝ හරාම් ඉස්ලාමීය සටන්කාමීන්ය. නත්තල් දින දේව මෙහෙයන්ට සහභාගී වූ බැතිමතුන් ඉලක්ක කර ගනිමින්  ප‍්‍රහාර එල්ල කළ බව බොකෝ හරාම් සටන්කාමීහු පවසති. බෝම්බ ප‍්‍රහාරවලින් තුවාල ලබා රෝහල් ගත කළ ගණන 50 කට ආසන්න යැයි රෝහල් ආරංචි මාර්ග පවසයි. ජීවිත හානි රැුසක් සිදුවී ඇත්තේ අබූජා අගනුවර සිට කිලෝ මීටර් 40 ක් දුරින් පිහිටි මඩාලා කිතුනු දේවස්ථානයට එල්ල වූ බෝම්බ ප‍්‍රහාරයෙනි. එම ප‍්‍රහාරයෙන් මියගිය ගණන 18 කි. බෝම්බය පුපුරා ගිය අවස්ථාවේදී දේවස්ථානය බැතිමතුන්ගෙන් පිරී තිබුණු බව ද ආරක්ෂක අංශ වැඩිදුරටත් කියා සිටියි. පළමු බෝම්බය පිපිරී මිනිත්තු කිහිපයක් ඇතුළතදී ජොස් සහ ගඩාකා නැමැති නගරවල පිහිටි කිතුනු දේවස්ථානවල බෝම්බ පුපුරා ගොස් ඇත. බෝම්බ ප‍්‍රහාරයන්ගෙන් පසු නයිජීරියාවේ ආගමික ගැටුම් යළිත් වරක් වර්ධනය වීමේ අවධානමක් ඇතැයි නයිජීරියානු බලධාරීහු බිය පළ කරති. පසුගිය වසරේදී ද මේ අයුරින්ම නත්තල් දා නයිජීරියාවේ කිතුනු බැතිමතුන් ඉලක්ක කර ගනිමින් බෝම්බ පිපිරීම් සිදුවිය. මඩාලා කිතුනු දේවස්ථානයට බෝම්බ ප‍්‍රහාරය එල්ලවීමෙන් පසු...  



අදහස් (0)

නයිජීරියාවේ කිතුනු දේවස්ථාන තුනක බෝම්බ පිපිරී 27 ක් මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 151 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 148 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 952 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site