
පැයට කිලෝ මීටර් 135 ක වේගයකින් හමා ආ ‘රෙමාල්’ සුළි කුණාටුව, බංග්ලාදේශයට සහ ඉන්දියාවට අයත් බටහිර බෙංගාලයට කඩා වැදුණි. ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ සුළි කුණාටුව හේතුවෙන් බංග්ලාදේශයේ අට දෙනකු ජීවිතක්ෂයට පත්වුණු බවය.
සුළි කුණාටුව සමඟ මහ වැසි ඇද හැලෙයි. බංග්ලාද්ශයේත්, බටහිර බෙංගාලයේත් ගමනා ගමන කටයුතු මුළුමනින්ම පාහේ අඩපණ වී ඇතැයි ද පැවැසෙයි. දුම්රිය සහ ගුවන් ගමන් රැසක අවලංගු කර ඇතැයි ද වාර්තා වේ. ගස් කඩා වැටී මාර්ග අවහිර වී ඇති බවත්, විදුලි බල සැපයුම්වල අඩපණ වී ඇති බවත් පැවැසෙයි.
(එන්.ඩී.ටීවී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd