IMG-LOGO

‘රෆා’ නගරයේ මානුෂීය ඛේදවාචකයක් ඇත්තේ නෑ

ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර රටවල් දිගින් දිගටම චෝදනා කළත්, ගාසා තීරයේ දකුණු දෙසින් පිහිටි රෆා නගරය කේන්ද්‍රකොට ගනිමින් කිසිදු ආකාරයක මානුෂීය ඛේදවාචකයක් නිර්මාණය වී නැතැයි ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අවධාරණය කරයි.

ඊශ්‍රායලය ගාසා තීරයේ හමාස් සටන්කාමීන් ඉලක්ක කර ගනිමින් පහරදීම ආරම්භ කළේ උතුරුදිග ගාසා තීරයෙනි. ඊශ්‍රායල ප්‍රහාර හමුවේ පලා ගිය පලස්තීනුවන් ලක්ෂ 3 ක පිරිසක් මේ වනවිට රැඳී සිටින්නේ ද රෆා නගරයේය. රෆා නගරය ඇත්තේ ගාසා තීරයේ ඊජිප්තුවට මායිම්වය.

රෆා නගරයේ පලස්තන සිවිල් වැසියන්ගේ ආරක්ෂාව ගැන බලන්නැයි ඇමෙරිකාව ඇතුළු බටහිර රටවල් ද ඉන්දියාව ද ඊශ්‍රායලය රජයට බල කර ඇත. පලස්තීන වැසියන් ආරක්ෂා කරන්නැයි ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර රටවල් කළ ඉල්ලීම සැලකිල්ලට නොගෙන, ඊශ්‍රායලය රෆා නගරයේ ඉලක්කවලට පහර දෙයි. එය මානුෂීය ඛේදවාචකයක් බව බටහිර රටවල් පවසා ඇත.

(ඒ.එෆ්.පී.)



අදහස් (3)

‘රෆා’ නගරයේ මානුෂීය ඛේදවාචකයක් ඇත්තේ නෑ

ලුම්බිණි Thursday, 16 May 2024 01:13 PM

අහිංසක මිනිස්සු මැරෙන එකට මානුෂීය ඛේදවාචකය කියනවා හැර වෙන වචනයක් තියෙනවද?

:       5       12

ravin Thursday, 16 May 2024 02:35 PM

කියන්නේ කවුද? කියන්නා කෙසේ කීවාත් අසන්නා සිහිබුද්ධියෙන් ඇසිය යුතුයි නොවේද?

:       4       7

Don Friday, 17 May 2024 12:33 PM

පලස්තීනේ ත්‍රස්ථවාදී සුනඛයින්... ඊශ්‍රායලයට ජයවේවා..!

:       1       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 68 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 277 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 128 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site