අප්‍රිකාවේ සංචාරයක නියැලෙන ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමෝ දකුණු සුඩානයේ ජූබා අගනුවර පැමිණියහ.
තවමත් සිවිල්ගැටුම් පිරි දකුණු සුඩානය, ලෝක සිතියමට අලුතින්ම එක් වුණු රාජ්‍යයයි. දකුණු සුඩානය, සුඩානයෙන් වෙන් වූයේ 2013 වසරේය.
2018 වසරේ ඒකීය රජයක් පිහිටුවීමට පෙර, දකුණු සුඩානයේ පැවැති බෙදුම්වාදී සටන්වලින් මියගිය ගණන ලක්ෂ 4 ක් යැයි ද පැවැසෙයි.
දකුණු සුඩාන කතෝලික බැතිමතුන් පාප්තුමා දැක බලා ගැනීමටත් දේව මෙහෙයට සහභාගී වීමටත් දින තුනක පා ගමනකින් පසු කිලෝ මීටර් 300 ක දුරක් ගෙවා රටේ නන්දෙසින් ජූබා අගනුවර බලා පැමිණි බව ද වාර්තා වේ.
පාප්තුමන් දකුණු සුඩානයේ තෙදිනක් ගත කළ අතර ජූබා අගනුවර දේව මෙහෙය පැවැත් වෙන්නේ අද (5) දිනයේය. පාප්තුමන් දකුණු සුඩානය බලා පැමිණියේ කොංගෝ ජනරජයේ සංචාරය අවසන් කරමිනි.
දකුණු සුඩාන ජනාධිපති සල්වා කීර් සහ පාප්තුමන් අතර හමුව පැවැත්වූයේ ජූබා අගනුවර ජනාධිපති මන්දිරයේය.
සාමය වෙනුවෙන් කැප වී කටයුතු කරන්නැයි පාප්තුමන් ජනාධිපති සල්වා කීර් සහ සෙසු දේශපාලන නායකයන්ගෙන් ආයාචනා කළ බව ද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
(රොයිටර්)
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
ෆ්‍රැන්සිස් පාප්තුමා දකුණු සුඩානයේ