'ෆයිසර්' එන්නත අවුරුදු 12 ත් 15 ත් වයස් කාණ්ඩයේ කුඩා දරුවන්ට සියයට 100 ක් ම සාර්ථක ප්‍රතිඵල පෙන්නුම් කරනවා යැයි එන්නත නිපදවූ ඇමෙරිකාවේ 'ෆයිසර්' ඖෂධ නිෂ්පාදන සමාගම් පැවැසීය.
'ෆයිසර්' සමාගම ඔවුන්ගේ 'ෆයිසර්' එන්නත නිපදවා ඇත්තේ ජර්මනියේ 'බයෝඇන්ටෙක්' සමාගම සමඟ අත්වැල් බැඳ ගනිමිනි. 'බයෝඇන්ටෙක්' සමාගම ද ඔවුන්ගේ සායනික පර්යේෂණ පිළිබඳ වාර්තා ඉදිරිපත් කරමින් පෙන්වා දී ඇත්තේ, අවුරුදු 12 ත් 15 ත් වයස් කාණ්ඩයේ දරුවන්ට 'ෆයිසර්' ලබාදීමෙන් සාර්ථක ප්‍රතිඵල පෙන්නුම් කරන බවය.
එන්නතේ පළමු මාත්‍රාව ලබා දී, මාස හතරකින් දෙවැනි මාත්‍රාව ලබා දීම සිදුවෙයි. ඉන්පසු මාස 6 ක් ගත වෙද්දී කුඩා දරුවන් තුළ 'කොවිඩ් 19' වයිරසයට එරෙහිව ප්‍රතිශක්තිය වර්ධනය වන අතර, සියයට 100 ක් සාර්ථක ප්‍රතිඵල පෙන්නුම් කරයි.
මේ බව අනාවරණය වී ඇත්තේ එන්නත් ලබාගත් 2,228 දෙනකු සම්බන්ධයෙන් සිදු කළ අධ්‍යයනයකින් පසුව බව ද පැවැසෙයි.
අවුරුදු 12 ත් 15 ත් අතරේ වයස් කාණ්ඩයේ දරුවන්ටත්, අවුරුදු 5 ත් 12 ත් වයස් කාණ්ඩයේ දරුවන්ටත් හදිසි භාවිතයට සුදුසු යැයි ඇමෙරිකා ආහාර සහ ඖෂධ පාලන අධිකාරියේ අනුමැතිය 'ෆයිසර්' එන්නතට අනුමැතිය හිමිවී තිබේ.
(රොයිටර්)
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
’ෆයිසර්’ එන්නත පොඩ්ඩන්ට සියයට 100 ක් සාර්ථකයි