IMG-LOGO

2025 ජුලි මස 17 වන බ්‍රහස්පතින්දා


ළමා අපචාර අල්ලන්න මාපිය හමුදාවක්

‘ලෙට්ස්ගෝ හන්ටින්ග්‘ නම් නාමයෙන් හැදින්වෙන මේ දෙමාපියන්ගෙන් සැදි කණ්ඩායමේ උපාය වන්නේ ෆේස්බුක් වැනි සමාජ වෙබ් අඩවි වල චාටුවෙන් කුඩා දරුවන් රවටා තම පහත් ආශාවන් ඉටුකර ගැනීම සදහා යොදා ගන්නා පුද්ගලයින් කොටු කර ගැනීමයි.මේ සදහා ඔවුන් භාවිතා කරනුයේ කදිම උපක්‍රමයකි.ඒ තමන්ද වයස අවුරුදු 12 -15 අතර කුඩා දරුවන් බව බලන්නෙකුට ඒත්තු ගැන්වෙන ආකාරයේ ගිණුම් සමාජ වෙබ් අඩවි වල ඇති කර ගැනීමයි.

‘ඉතින් ඒ අයත් රැවටෙනවා.ඇයි අපි කුඩා ළමයි විදිහටනේ පෙනී සිටින්නේ.ගොඩක් අය එක සැරේට තම තමන්ගේ ගතු කියන්නේ නැහැ.අපෙන් ප්‍රශ්න අහල අහල තමයි මුණ ගැහෙන්න ඕන කියල කියන්නේ.ඒ වගේ දෙයක් පොඩි ළමයෙක්ට  කියයිද වගකීමක් ඇති වැඩිහිටියෙක් ?‘ යැයි පවසන්නේ ‘ස්කම් බස්ටර්‘ නම් අනවර්ථ නාමයෙන් හැදින්වෙන කණ්ඩායමේ ප්‍රධානියාය.

කතාබහ අවසානයේ ළමා අපචාරකයාට මේ ‘දරුවා‘ නොදැක සිටීමට බැරි තත්ත්වයට පත්වූ පසු ඔවුන් කරන්නේ මුහුණට මුහුණ හමුවීමක් යෝජනා කිරීමයි.යෝජනාවට එකග වී අදාළ ස්ථානයට යන ළමා අපචාරකයාට තරු පෙනෙන්නේ එතැන සිටින්නේ තමා සිතූ පරිදි කුඩා දරුවෙකු නොව හොදින් වැඩුණු ඇගපත ඇති දෙමාපියන් පිරිසක් බව දැකීමෙනි.

‘අපි තැන තැන කැමරා අටවලයි තිඛෙන්නේ.සිදුවන සියල්ල ඒවායේ පටිගත වෙනවා.බොහෝ වෙලාවට අපිව දැක්ක ගමන් ඔවුන් උත්සාහ කරන්නේ පැනල යන්න.ඒත් අපි කොහොම හරි ඔවුන්ව අල්වා ගන්නවා.අපි අතරේ සිටින්නේ කරාතේ,ජුජිට්සු වැනි ආත්මාරක්ෂක සටන් කලා ප්‍රගුණ කළ දෙමාපියන් පිරිසක්.ඉතින් බය වෙන්න දෙයක් නැහැ‘ කණ්ඩායම් ප්‍රධානියා කියයි.

ළමා අපචාරකයෙකු බවට සැකකෙරෙනා පුද්ගලවා අල්ලා පොලිසියට භාරදෙන ඔවුන් ඊළගට කරන්නේ මෙහෙයුමේ වීඩියෝව අන්තර්ජාලයට එක් කිරීමයි.අන්තර්ජාලයේ ඒවා නැරඹුූ අයගෙන් ලැඛෙන ප්‍රතිචාර වලින් තමන් තව තවත් දිරිමත් වන බව කණ්ඩායම පවසයි.මේ වන විට ඔවුන් ළමා අපචාරකයින් බවට සැකකෙරෙන පුද්ගලයින් 6 දෙනෙකු අල්ලා පොලිසියට භාරදී තිබේ.

සමාජ සේවයක් වුවත් පොලිසිය නම් කියන්නේ මෙය තමන්ට අනුමත කළ නොහැකි ආකාරයේ කි්‍රයාදාමයක් බවයි.මෙනිසා ළමා අපචාරකරුවන් සොයා අරඹා ඇති පරීක්ෂණ කටයුතු වලටද බාධා සිදුවන බව පොලිසියේ මතයයි.

 



අදහස් (0)

ළමා අපචාර අල්ලන්න මාපිය හමුදාවක්

දම්මි Wednesday, 24 April 2013 09:28 AM

නියම වැඩක්! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 180 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 387 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 164 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site