ප්‍රචණ්ඩ ක්‍රියා හමුවේ අගමැතිනී ෂෙයික් හසීනා සිය ධුරයෙන් ඉල්ලා අස්වී, රට හැර යද්දී, ප්‍රචණ්ඩ ක්‍රියා සිදු කරන කලහකාරී පිරිස්, බංග්ලාදේශ හිටපු ක්‍රිකට් නායක මෂ්රෆි බින් මොර්ටාසාගේ නිවස ද ගිනි තබා විනාශ කර ඇතැයි පැවැසෙයි.

මෙම වසරේ ජනවාරියේ පැවැති මුලදී බංග්ලාදේශයේ පැවති මහ මැතිවරණයට අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වූ මෂ්රෆි බින්, එම මැතිවරණය දිනාගෙන මොර්ටාසා නරායිල් - 2 මැතිවරණ කොට්ඨාශයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස දෙවන වරටත් තේරී පත් වී සිටියේය.

බංගලාදේශය තරඟ වැදුණු ක්‍රිකට් තරග 117 ක් මෙහෙ‍යවා ඇති මොර්ටාසා, දේශපාලනයට පිවිසෙන්නේ 2018 දී යැයි ද පැවැසෙයි. හසීනාගේ නායකත්වයෙන් යුත් අවාමි ලීගයට සම්බන්ධ වීමෙන් දේශපාලන ගමන ඇරඹූ මෝර්ටාසා නාරේල් 2 මැතිවරණ කොට්ඨාසයෙන් තේරී පත් විය.

මේ අතර, විරෝධතාකරුවන් හසීනාගේ දිස්ත්‍රික් පක්ෂ කාර්යාලයටත් ගිනිතබා ඇති විරෝධතාකරුවන්, පක්ෂ සභාපති සුභාෂ් චන්ද්‍ර බෝස්ගේ නිවසටත් ද හානි කර ඇති බව බංග්ලාදේශ මාධ්‍ය වාර්තා කර ඇත.