
හමාස් සංවිධානය සහ ඊශ්‍රායලය අතරේ පැවැති තාවකාලික සටන් විරාමය අවසන් විය. ඒ, සටන් විරාමයට අදාල කොන්දේසි කඩ කරමින්, හමාස් සටන්කාමීන් ඊශ්‍රායලයට රොකට් ප්‍රහාර එල්ල කිරීමත් සමඟය.
තාවකාලික සටන් විරාමය අවසන් වූයේ සතියකට පසුවය. සටන් විරාමය ආරම්භ වූයේ පසුගිය 24 වැනිදාය. ඒ, සිවු දින සටන් විරාමයක් ලෙසය. පසුව දෙපාර්ශ්වය අතරේ පැවැති සාකච්ඡා සාර්ථක වීමේ ප්‍රතිඵලයක් ලෙස සටන් විරාමය සතියක් දීර්ඝ කර ගැනුණි.
හමාස් සංවිධානය එල්ල කළ රොකට් ප්‍රහාරය සටන් විරාමයට අදාල කොන්දේසි කඩ කිරීමක් බවත්, ගාසා තීරයේ හමාස් සටන්කාමීන් ඉලක්ක කර ගනිමින් යළි ප්‍රහාර ආරම්භ කළ බවත් ඊශ්‍රායල හමුදාව විශේෂ නිවේදනයක් නිකුත් කරමින් පැවැසීය. ඊශ්‍රායලය සහ හමාස් සටන්කාමීන් සටන් විරාමයකට කැමැති කරවා ගත්තේ කටාර් රාජ්‍යයයි.
COMMENTS
මුන් නම් ඉල්ලන් කන ගොබ්බයො සෙට් එකක්
අන්තවාදි ඉස්ලාමීය ත්‍රස්තවාදීන්ට වුවමනා හැකි ඉක්මණින් ස්වර්ගයේදී කන්‍යාවන් 72ක් සමග එකතු වෙන්නයි. ඒකට ඉක්මනින් ඉඩ සලසාගන්න උදව් දෙන්න. ඊශ්‍රායල් යුදෙව්වනි, ඔබට පින් රැස් කරගන්න තියෙන අවස්ථාව නැති කරගන්න එපා.
දෙමළ කොටි ත්‍රස්තවාදීන් සමග ශ්‍රී ලංකා හමුදාව සටන් කරන සමයේ මෙසේ සටන් විරාමයක් ප්‍රකාශයට පත් කර ඇති අවස්තාවක ත්‍රස්තවාදීන් විසින් ඒක පාර්ශවීය වශයෙන් මේ අයුරින් එය බිඳ දැම්මේ නම් දේශීය සහ විදේශීය කොටි ප්‍රේමින් එය වර නගනු ඇත්තේ මෙසේය. "අවිහිංසක දෙමළ මිනිසුන් මරා දැමීම සඳහා මෙය ශ්‍රී ලංකා හමුදාව විසින්ම සිදුකරන ලද්දකි." සජිත් සහ අනුර එයට හුමිටි තබා, තව දුරටත් පුම්බා කර තබා ගෙන යනු ඇත.
මේක සාමකාමී විදිහට විසඳාගන්න අකැමැති බූරුවන් කිහිප දෙනෙකුවත් ඉන්නවා ඇති...!
යුද්ධයෙන් වාසි ගන්න කැමැති කීප දෙනෙක් විසින් මේ අවුල නිසඳන්න දෙන්නේ නැත බවක් පේන්නේ...!
කටාර් වලටත් සැනසිලි තෑග්ගක්වත් දෙන්නැද්ද නෙතන්යාහු අගමැතිතුමා?