IMG-LOGO

2025 සැප්තැම්බර් මස 15 වන සඳුදා


හානිය බලන්න ගිය තුර්කි ජනපතිට දොස්

භූමි කම්පාවෙන් හානි වූ තුර්කි නගරවල සංචාරය කරමින්, විපතට පත්වූවන් ගැන සොයා බැලූ තුර්කි ජනාධිපති රිජෙප් තායිප් එර්දොවාන්ට දෝෂාරෝපණ එල්ල විය.

ජනාධිපතිවරයාට දෝෂාරෝපණ එල්ල වූයේ භූමි කම්පාවෙන් විපතට පත්වූවන් සහ උන්හිටිතැන් අහිමිවූවන්ට ලබා දෙන ආධාර ක්‍රමවත් ආකාරයට බෙදා නොදීම සහ එම කටයුතු ඉතා මන්දගාමීව සිදුවීම සම්බන්ධයෙනි.

විපතට පත්වූවන් සහ උන්හිටිතැන් අහිමිවූවන්ට ආධාර ලබා දීමේ දී ප්‍රමාදවීම් සිදුවන බව ජනාධිපති එර්දොවාන් පිළිගත්තේය. උන්හිටිතැන් අහිමිවුණු තුර්කි වැසියන්ට ජනාධිපතිවරයා ප්‍රතිඥා දුන්නේ ඔවුන් වෙනුවෙන් කළ හැකි සෑම දෙයක්ම කඩිනමින් සිදු කරන බවය.

තුර්කිය සහ සිරියාව කැලැඹූ භූමි කම්පාවලින් මියගිය ගණන 15,000 පසු කළේය.

විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ, මියගිය ගණන 35,000 සීමාව පසු කළ හැකි බවය. භූමි කම්පාවලින් බලපෑම් එල්ල වී ඇත්තේ දකුණු තුර්කියේ පළාත්වලට සහ ගිනිකොනදිග සිරියාවට අයත් පළාත්වලටය.

(රොයිටර්)



අදහස් (0)

හානිය බලන්න ගිය තුර්කි ජනපතිට දොස්

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්



මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 23127 20

’’අනුර ගෝ ගම පටන් ගත්තා’’
2025 අගෝස්තු මස 26 18116 35

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10849 30

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 552 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 168 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 829 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site