IMG-LOGO

හින්දු ආගමික උත්සවයක් අතරතුරේ 46 ක් ගිලී මරුට

ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ හින්දු ආගමික උත්සවයක් අතරතුරේ ඊට සහභාගී වූ 46 දෙනකු ජීවිතක්ෂයට පත්වුණු බවත්, එම 46 දෙනාගෙන් 37 දෙනකු කාන්තාවන් සහ කුඩා දරුවන් බවත් පැවැසෙයි.

මරණ වාර්තා වන්නේ, ඉන්දියාවේ වාර්ෂිකව, තෙදිනක් තිස්සේ පැවැත්වෙන ‘ජීවිත්පූත්‍රිකා’ හින්දු ආගමික උත්සවයේදීය. මෙය ඉන්දියාවේ ප්‍රධාන හින්දු ආගමික උත්සවයක් වන අතර, කුඩා දරුවන්ටත්, ඔවුන්ගේ මවුවරුන්ටත් ආශිර්වාද කිරීම සිදුවෙයි. ඒ ගංගාවල ස්නානය කිරීමෙනි. මවුවරුන් ආගමික උත්සවයට සහභාගී වන්නේ උපවාස කරමිනි.

දිස්ත්‍රික්ක රැසකින් හින්දු බැතිමත්හු මෙම ආගමික උත්සවයට සහභාගී වෙති. ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ දියේ ගිලී මියගිය පිරිස අතර දිස්ත්‍රික්ක 15 කින් ආ බැතිමතුන් සිටින බවය.

පසුගිය කාලයේ නොකඩවා ඇද හැලුණු මහ වැසි හේතුවෙන් ගංගා සියල්ල පිටාර ගලන මට්ටමට පත්ව ඇති බවත් ප්‍රචණ්ඩකාරී ස්වරූපයක් ගෙන ඇත. ඒ ගැන නොසලකා දියට බැස පුජාවට එක් වීමට උත්සාහ කළ බැතිමතුන් මෙසේ දියේ ගිලී මියගිය බව පැවැසෙයි. 

(එන්.ඩී.ටීවී.)



අදහස් (2)

හින්දු ආගමික උත්සවයක් අතරතුරේ 46 ක් ගිලී මරුට

වෙන වැඩ ගොඩගැහිල Friday, 27 September 2024 07:52 AM

දෙවියන්ට නොපෙනුනේ ඇයි?

:       0       5

Hira Friday, 27 September 2024 08:17 AM

දෙවියෝ හොඳටම කරලා තියෙන්නේ... අම්මෝ මෙහෙමත් දේවල්... කවදා මොවුන්ට නුවණ පෑදෙයිද? දෙවියෝ කියන්නේ තමන්ගේ හිතේ මවාගත්තු චිත්‍රයක් සහ සිතිවිල්ලක් පමණි..

:       1       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 53 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 460 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 900 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site