IMG-LOGO

2025 දෙසැම්බර් මස 01 වන සඳුදා


හොන්ඩුරාස් විපක්ෂයට ජනපති ට්‍රම්ප්ගේ සහාය

ලතින් ඇමෙරිකාවට අයත් හොන්ඩුරාස් රාජ්‍යයේ ජනාධිපතිවරණය හෙට (30) පැවැත්වෙයි. ජනාධිපති ධුරය සඳහා විපක්ෂය වන දක්ෂිණාංශික ජාතික පක්ෂයේ අපේක්ෂක නස්රි අස්ෆුරා ඉදිරිපත්ව සිටින අතර, ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා ඇත්තේ තමන්ගේ පූර්ණ සහාය නස්රි අස්ෆුරාට හිමිවන බවය.

අස්ෆුරා ජයග්‍රහණය කළහොත් මත්ද්‍රව්‍ය ජාවාරම මැඩලීම සඳහා ඔහු සමඟ එක්ව කටයුතු කළ හැකි බව ට්‍රම්ප් පවසා තිබේ. ලතින් ඇමෙරිකාවේ මත්ද්‍රව්‍ය ජාවාරම් කටයුතු ඇමෙරිකාවට ද තර්ජනයක් වී ඇත. “හොන්ඩුරාස් ජනතාව නිදහස සහ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් ඡන්දය දී, අස්ෆුරා ජනාධිපති ලෙස තෝරා පත් කර ගනු ඇතැයි මම බලාපොරොත්තු වෙනවා” යැයි ට්‍රම්ප් සිය ටෲත් සෝෂල් සමාජ මාධ්‍ය ගිණුම ඔස්සේ පවසා ඇත.

2021 වසරේ සිට හොන්ඩූරාස් පාලනය කරනු ලබන්නේ, ඇමෙරිකාවේ උදහසට ලක් වී සිටින සහ ඒකාධිපති පාලකයකු යැයි චෝදනා ලබන ජනාධිපති ෂියෝමාරා කාස්ට්‍රෝ ය. ෂියෝමාරා කාස්ට්‍රෝ දැඩි ආර්ථික හා මානව හිමිකම් අර්බුදවලින් පීඩා විඳින කියුබාව සහ වෙනිසියුලාව සමඟ සමීප සබඳතා පවත්වන අතර, මෙය ට්‍රම්ප්ගේ දැඩි විරෝධයට හේතුවක් වී ඇත.



අදහස් (0)

හොන්ඩුරාස් විපක්ෂයට ජනපති ට්‍රම්ප්ගේ සහාය

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 236 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 290 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1209 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site