IMG-LOGO

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා


හදිසි මැතිවරණයක් පැවැත්වීම මාලේ අර්බුදයට විසඳුමක් නොවේ

මාල දිවයිනේ දැනට පවතින දේශපාලන අර්බුදය විසඳීමට මහ මැතිවරණයක් පැවැත්විය යුතු යැයි බලයෙන් පහ කළ ජනාධිපති නෂීඞ් පවසන නමුත් එය මාලේ අර්බුදයට විසඳුමක් නොවන බව දකුණු සහ මධ්‍යම ආසියාවේ කටයුතු පිළිබඳ ඇමෙරිකා සහකාර රාජ්‍ය ලේකම් රොබට් බ්ලේක් පවසයි. මාලදිවයිනේ අර්බුදකාරී තත්ත්වය විමසා බැලීමට  බ්ලේක් පෙරේදා (11) මාලේ අගනුවරට පැමිණ, හිටපු ජනාධිපති නෂීඞ්, විපක්ෂ කි‍්‍රයාකාරීන් සහ නව ජනාධිති වහීඞ් හසන් ද හමුවී සාකච්ඡා කළේය. සාධාරණ මැතිවරණයක් පැවැත්වීමට සුදුසු පසුබිමක් මේ වනවිට මාලදිවයිනේ නැති බවත් නව ජනාධිපති හසන් යටතේ ජාතික ආණ්ඩුවක් පිහිටුවීමට කටයුතු කළ යුතු බවත් ඇමෙරිකා සහකාර රාජ්‍ය ලේකම්වරයා වැඩි දුරටත් කියා සිටියේය. හදිසි මැතිවරණයකට යෑමට කිසිදු අවශ්‍යතාවක් නැති බවත් වත්මන් රජයේ නිල කාලය අවසන් වන තෙක් මැතිවරණයක් නොපවත්වන බවත් මාලදිවයිනේ නව ජනාධිපති හසන් ද මාධ්‍ය හමුවක් පවත්වමින් පෙරේදා අවධාරණය කළේය. මේ අතර ඉකුත් සතියේ මාලදිවයිනේ පැවැති සිදුවීම් සම්බන්ධයෙන් විනිවිදභාවයකින් යුත් පුළුල් පරීක්ෂණයක් පවත්වන බවට ද ජනාධිපති හසන් පොරොන්දුවක් ලබා දී තිබේ. මාලදිවයින වත්මන් රජයේ නිල කාලය අවසන් වන්නේ 2013 වසරේ නොවැම්බර් මාසයයේදීය. මීළඟ ජනාධිපතිවරණය සහ මහ මැතිවරණය පැවැත්වෙන්නේ ඉන් පසුවය. කෙසේ නමුත් හිටපු ජනාධිපති නෂීඞ් පවසන්නේ හසන් ජනපති ධුරයෙන් ඉවත් වන්නේ නම්,  මාස දෙකක් තුළදී මහ මැතිවරණයක් පැවැත්වීමට කතානායකවරයාට ඉඩක් ලැබෙන බවය. මැතිවරණයක් පවත්වන්නැයි නව ජනාධිපතිට බල කරන්නැයි ද ඔහු ජාත්‍යන්තරයෙන් ඉල්ලීමක් කර ඇත. මහ මැතිවරණයක් පවත්වනතුරු දිගින් දිගටම ජනතා රැුලි පවත්වන බවට ද නෂීඞ් ප‍්‍රකාශකර තිබේ. මාලදිවයින අපරාධ අධිකරණයක් නෂීඞ් අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කර ඇති නමුත් එය මේ වනවිට තාවකාලිකව අත්හිටුවා තිබේ. නෂීඞ්, උප ජනාධිපතිව සිටි හසන්ට බලය පවරා දී ජනපති ධුරයෙන් ඉවත් වීම සාධාරණ අයුරින් සිදුවූයේ ද නැතිනම් කුමන්ත‍්‍රණයක් නිසා සිදුවූයේ ද යන්න සෙවීමට පරීක්ෂණ පැවැත්විය යුතු යැයි ඇමෙරිකාව, එක්සත් ජාතීන්ගේ සංවිධානය, බටහිර රටවල් සහ පොදු රාජ්‍ය මණ්ඩලය ද ඉල්ලීමක් කර තිබේ. ඊයේ (12) පැවැති පොදු රාජ්‍ය මණ්ඩලීය අමාත්‍යවරුන්ගේ සමුළුවේදී ද මාලදිවයිනේ පවතින අර්බුදය සාකච්ඡුාවලට බඳුන් විය. බ්ලේක් මාලේ නුවරදී මාධ්‍ය හමුවේ අදහස් දක්වමින්...  



අදහස් (0)

හදිසි මැතිවරණයක් පැවැත්වීම මාලේ අර්බුදයට විසඳුමක් නොවේ

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්



’’අනුර ගෝ ගම පටන් ගත්තා’’
2025 අගෝස්තු මස 26 17877 35

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10690 30

රනිල් අත්අඩංගුවට ගනියි
2025 අගෝස්තු මස 22 10609 45

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 151 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 47 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 743 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site