ස්වීඩනයේ වයස අවුරුදු 70 ඉක්මවූ පුද්ගලයින්ටද එරට අනෙකුත් ජනතාවට කොරෝනා වයිරසය හේතුවෙන් පනවා ඇති මාර්ගෝපදේශ අනුගමනය කිරීමට උපදෙස් දී තිබේ.
වෙනත් පුද්ගලයින් සමඟ ජීවත්වීම ඇතුළුව ඔවුන් සමඟ සමීප සන්බන්ධතා පැවැත්වීමෙන් වළකින ලෙස මීට පෙර එරට වැඩිහිටි ප්රජාවට සහ අවදානම් සහිත කණ්ඩායම්වලට උපදෙස් දී තිබුණි.
කෙසේ වෙතත් එරට මහජන සෞඛ්‍ය ප්‍රධානියා පැවසූවේ ස්වයං හුදෙකලාව වැඩිහිටි ප‍්‍රජාවට හානිදායක වී ඇති බවය.
ස්වීඩනයේද කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව ඉහළ යමින් පවතින නමුත් යුරෝපයේ අනෙකුත් රටවල වයිරසය ඉතා සීඝ‍්‍රයෙන් පැතිර යමින් පවතී.
මාස කිහිපයක් පුරා ස්වීඩනයේ වැඩිහිටි ප්රජාවට සහ අනෙකුත් අවදානම් සහිත කණ්ඩායම්වලට වෙළෙඳසැල් සහ ඖෂධසැල් ආදියට යෑමෙන් වළකින ලෙසට ද උපදෙස් දී තිබුණි.
එම නිර්දේශ වෛරසයට ගොදුරු විය හැකි කණ්ඩායම් අතර වයිරසය පැතිරීම අවම කිරීමට හේතු වූ බව එරට මහජන සෞඛ්‍ය ආයතනයේ ප‍්‍රධානියා පැවසීය.
කෙසේ වෙතත් එම තත්ත්වය මානසික සහ කායික වශයෙන් අයහපත් ප‍්‍රතිවිපාක ඇති කළ බව ඔහු පෙන්වා දුන්නේය.
බීබීසී ඇසුරෙනි
226
ශ්රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
හුදකලා කළ ස්වීඩනයේ වැඩිහිටි ප්‍රජාව යළි සාමාන්‍ය සමාජයට