IMG-LOGO

2025 සැප්තැම්බර් මස 14 වන ඉරිදා


හිටපු අගමැති තක්ෂින්ගේ දියණියත් අගමැති සටනට

තායිලන්ත මහ මැතිවරණය පැවැත්විණි. ඒ, එරට පාර්ලිමේන්තුවේ නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ ආසන 500 ට නියෝජිතයන් තෝරා පත් කර ගැනීමේ අරමුණින්ය.

මැතිවරණ කටයුතු ඊයේ (13) උදෑසන 8 ට ආරම්භ වී සවස 5 ට අවසන් විය. තායිලන්ත මැතිවරණ බලධාරීන් ප්‍රකාශ කළේ මිලියන 52 ක පිරිසක් ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා සිටි බවය.

පක්ෂ 67 ක අපේක්ෂකයන් පිරිසක් මැතිවරණයට ඉදිරිපත් වූහ. ජනමත සමීක්ෂණ අනුව, තායිලන්ත මාධ්‍ය වාර්තා කළේ හිටපු අග්‍රාමාත්‍යවරුන් වන තක්ෂින් ෂිනවාත්‍රාගේත්, යිංග්ලක් ෂිනවාත්‍රාගේත් ‘පූ තායි’ දේශපාලන පක්ෂයට මෙවර ජනවරමක් හිමිවනු ඇතැයි කියාය. ‘පූ තායි’ පක්ෂය මෙන්ම, තරුණ බලවේගය ලෙස සැලකෙන ‘ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රගතශීලී’ පක්ෂය ද මැතිවරණයට ඉදිරිපත් වූයේ ප්‍රධාන විපක්ෂ දේශපාලන බලවේගය ලෙසය.

2014 වසරේ තායිලන්ත දේශපාලනයේ අර්බුදයක් නිර්මාණය විය. අග්‍රාමාත්‍ය ධුරයේ සිටි යිංග්ලක් ෂිනවාත්‍රා ධුරයෙන් නෙරපා දමා හමුදාව කුමන්ත්‍රණය කරමින් බලය අල්ලා ගත්තේ කිසිදු ලේ වැගිරීමකින් තොරවය. හමුදා කුමන්ත්‍රණය මෙහෙය වූයේ හමුදාපති ලෙස කටයුතු කළ ප්‍රයාත් චාල් ඕචාය.

ප්‍රයාත් චාල් ඕචා පසුව හමුදාපති ධුරයෙන් සමුගෙන සිවිල් වැසියකු ලෙස ‘එක්සත් තායි ජාතික පක්ෂය’ යනුවෙන් පක්ෂයක් පිහිටුවා ගනිමින් හමුදාවට සහාය පළ කළ සෙසු පක්ෂ ද හවුල් කර ගනිමින් 2019 මහ මැතිවරණය ද ජයග්‍රහණය කළේය. මෙවර මැතිවරණයට ද අග්‍රාමාත්‍ය ධුර අපේක්ෂකයා ලෙස ප්‍රයාත් චාල් ඕචා ඉදිරිපත් විය.

‘පූ තායි’ පක්ෂ අග්‍රාමාත්‍ය ධුර අපේක්ෂිකා 36 හැවිරිදි පෙයිටොන්ටාන් ෂිනවාත්‍රාට, යළිත් වරක් ෂිනවාත්‍රා පවුලේ නාමය දේශපාලන කරළියට ගෙන ඒමට හැකි වනු ඇති බව බොහෝ දෙනාගේ අදහස වී තිබේ. පයිටොන්ටාන් ෂිනවාත්‍රා යනු තායිලන්තයේ හිටපු අග්‍රාමාත්‍ය, කෝටිපති ව්‍යාපාරික තක්ෂින් ෂිනවාත්‍රාගේ බාල දියණියයි.

තක්ෂින් ෂිනවාත්‍රා තායිලන්ත අග්‍රාමාත්‍ය ධුරය හෙබවූයේ 2001 සිට 2006 තෙක් කාලයේය. දූෂණ චෝදනා සහ බලය අවභාවිත කිරීමේ චෝදනා හේතුවෙන් තක්ෂින් ට රටින් පලා යෑමට සිදුවිය. දූෂණ චෝදනා සමබන්ධයෙන් තායිලන්ත අධිකරණය හමුවේ තක්ෂින් ෂිනවාත්‍රා වරදකරු වී සිරදඬුවම් ලැබ සිටී. ඔහු යළි තායිලන්තයට පැමිණියහොත්, පොලිසිය ඔහු අත්අඩංගුවට ගැනීමට සූදානම් සිටී. 2011 වසරේ සිට 2014 හමුදා කුමන්ත්‍රණයෙන් බලය අහිමිවනතුරු අග්‍රාමාත්‍ය ධුරය හෙබවූ යිංග්ලක් ෂිනවාත්‍රා, තක්ෂින් ෂිනවාත්‍රාගේ නැගණිය සහ වත්මන් අග්‍රාමාත්‍ය ධුර අපේක්ෂිකා පයිටොන්ටාන්ගේ නැන්දාය.

පයිටොන්ටාන් ෂිනවාත්‍රා උපත ලැබුවේ 1986 අගෝස්තු 21 වැනිදාය. තායිලන්ත දේශපාලනයට පිවිසි මැය ද පියා තක්ෂින් සහ නැන්දා යිංග්ලක් සේම ව්‍යාපාරික කාන්තාවකි. ෂිනවාත්‍රා පවුලේ දේශපාලන පක්ෂය ලෙස ද සැලකෙන ‘පූ තායි’ පක්ෂයේ සභාපතිනිය ලෙස කටයුතු කරන්නේ ද මැයයි.

පයිටොන්ටාන් ෂිනවාත්‍රා විවාහකය ඇයට දරුවන් දෙදෙනෙකි. පයිටොන්ටාන් ෂිනවාත්‍රා පුතා ප්‍රසූත කළේ මීට දින කීපයකට පෙර මැතිවරණ රැලිවලට සහභාගී වෙමින් සිටිද්දීය. මැය දේශපාලන විද්‍යාව, සමාජ විද්‍යාව සහ මානව විද්‍යාව පිළිබඳ උපාධිධාරිනියකි.

(රොයිටර්)



අදහස් (0)

හිටපු අගමැති තක්ෂින්ගේ දියණියත් අගමැති සටනට

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්



මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 18212 19

’’අනුර ගෝ ගම පටන් ගත්තා’’
2025 අගෝස්තු මස 26 18077 35

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10825 30

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 485 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 148 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 818 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site