බලයෙන් නෙරපා දැමීමෙන් පසු, චෝදනා රැසකට මුහුණ දී සිරදඩුවම් විඳින, මියන්මාර ප්‍රජාතන්ත්‍රවාදී නායිකා අවුන් සාන් සූ කීගේ 'ප්‍රජාතන්ත්‍රවාදී ජාතික ලීගය' දේශපාලන පක්ෂය විසුරුවා හැරීමට මියන්මාර හමුදා පාලකයෝ කටයුතු කළහ.
මියන්මාර හමුදා ජුන්ටාව, මෙසේ 'ප්‍රජාතන්ත්‍රවාදී ජාතික ලීගය' දේශපාලන පක්ෂය විසුරුවා හැරියේ නව හමුදා රජය හඳුන්වා දී ඇති නව මැතිවරණ නීතිය යටතේ නැවත දේශපාලන පක්ෂයක් ලෙස 'ප්‍රජාතන්ත්‍රවාදී ජාතික ලීගය' පක්ෂය ලියාපදිංචි නොවුණු බැවින් යැයි මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.
මියන්මාර හමුදා ජුන්ටාව, හඳුන්වා දුන් නව මැතිවරණ නීතිය යටතේ මියන්මාර දේශපාලන පක්ෂ වලට නැවත ලියාපදිංචි වීම සඳහා පසුගිය ජනවාරි මාසයේදී හමුදා රජය මාස දෙකක කාල සීමාවක් ලබා දී තිබුණි.
කෙසේ නමුත්, එම කාල සීමාව ඇතුළත, මියන්මාරයේ දේශපාලන පක්ෂ 90 අතරින් නැවත ලියාපදිංචි වීම සඳහා අයැදුම් කර තිබුනේ පක්ෂ 50 කට පමණක් බව ද පැවැසෙයි.
'ප්‍රජාතන්ත්‍රවාදී ජාතික ලීගය' 1988 වසරේ සැප්තැම්බර් මස 27 වැනිදා පිහිටුවන ලදී. 1990 දී පැවති මැතිවරණයෙන් 'ප්‍රජාතන්ත්‍රවාදී ජාතික ලීගය' අති විශිෂ්ට ජයග්‍රහණයක් ලබා ගත්තත්, එදා පැවැති හමුදා ජුන්ටාව එම ප්‍රතිඵල අවලංගු කළේ අවුන් සාන් සූ කී නිවාස අඩසියට පත් කරමිණි.
වසර 15 ක් පමණ නිවාස අඩස්සියේ සිට නිදහස ලැබූ සූ කී 2016 මැතිවරණයට ඉදිරිපත් වූයේ 'ප්‍රජාතන්ත්‍රවාදී ජාතික ලීගය' මෙහෙයවමිනි. එම මැතිවරණයේ දී 'ප්‍රජාතන්ත්‍රවාදී ජාතික ලීගය' යළිත් අතිවිශිෂ්ට ජයක් අත්පත් කර ගනිමින් රජයක් ද පිහිටුවීය. නව රජයේ නිල නොවන නායිකාව වූයේ සූ කී ය. ඇය විදේශ කටයුතු අමාත්‍යවරිය ලෙස කටයුතු කළාය.
2020 වසරේ නොවැම්බර් මාසයේ පැවති පාර්ලිමේන්තු මැතිවරණයෙන් 'ප්‍රජාතන්ත්‍රවාදී ජාතික ලීගය' දේශපාලන පක්ෂය විශිෂ්ට ජයග්‍රහණයක් ලබා ගත්තත් මාස තුනක් යෑමට පෙර, මියන්මාර හමුදාව, හමුදා කුමන්ත්‍රණයක් මගින් අවුන් සාන් සුකී බලයෙන් නෙපරා දමා සිරගත කළේය. 'ප්‍රජාතන්ත්‍රවාදී ජාතික ලීගය' නියෝජනය කරන දේශපාලන නායකයන් බොහොමයකට ද සිරදඩුවම් හිමිවී ඇත.
මැතිවරණයේදී දුෂණ සහ අක්‍රමිකතා සිදු වූ බව පෙන්වා දෙමින් මියන්මාර හමුදාව කුමන්ත්‍රණය සාධාරණීකරණය කළත් දුෂණ හෝ අක්‍රමිකතා සම්බන්ධයෙන් කිසිඳු සාක්ෂියක් සොයා ගැනීමට මැතිවරණ නිරීක්ෂකයෝ අපොහොසත් වූහ.
නව මැතිවරණයක් පවත්වන දිනයක් තවම ප්‍රකශයට පත් කර නැතත් එරට හමුදා රජයේ සැලැස්මට අනුව ජූලි මස අග වන විට මැතිවරණයක් අපේක්ෂා කළ හැකි බව පැවැසෙයි.
(රොයිටර්)
රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගේ අණ පරිදි රුසියන් යුක්රේන යුද්ධය සම්බන්ධයෙන් ඇති කරගත් ඒකපාර්ශ්වීය තෙදින සටන් විරාමය, දින 30 ක් තෙක් දීර්ඝ කරන්නැ
ඇමෙරිකාවත්, මහා බ්‍රිතාන්‍යයත් අතරේ, නව වෙළෙඳ ගිවිසුමක් ඇති කර ගැණුනි. ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ බ්‍රිතාන්‍යය අග්‍රාමාත්‍ය කියේර් ස්ටාර
පාප් ධුරයට තේරී පත්වුණු14 වැනි ලියෝ පාප්තුමාට විදෙස් නායකයන්ගෙන් උණුසුම් සුබ පැතුම් හිමිවී ඇත. 14 වැනි ලියෝ පාප්තුමා බවට පත්වූයේ ඇමෙරිකන් කාදිනල් රොබට
ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමන් ස්වර්ගස්ථවීමෙන් පසු, පාප් ධුරය සඳහා සුදුස්සකු තෝරා ගැනීම සිදුවිය. ඒ, වතිකානයේ සිස්ටීන් දෙව්මැදුරේ පැවැති කාදිනල්ව
ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමන් ස්වර්ගස්ථවීමෙන් පසු, පාප් ධුරය සඳහා සුදුස්සකු තෝරා ගැනීම මීට සුළු මොහොතකට පෙර සිදුවිය. ඒ, වතිකානයේ සිස්ටයින් දෙව්මැ
රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් හමුවී සාකච්ඡා පවත්වා, චීනය සහ රුසියාව අතරේ උපාය මාර්ගික හවුල්කාරීත්වය වර්ධනය කර ගැනීම චීන ජනාධිපතිවරයාගේ මෙම සංච
ශ්රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
සූ කීගේ දේශපාලන පක්ෂය විසුරුවයි