IMG-LOGO

2025 නොවැම්බර් මස 26 වන බදාදා


සේරම් ආයතනයේ ප්‍රධානියා එංගලන්තයට ගිහින්

කොරෝනා ආසාදනය වැළැක්වීමට ලබා දෙන 'ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනකා' ප්‍රතිශක්තිකරණ එන්නත, 'කොවිෂීල්ඩ්' යන නාමයෙන් නිෂ්පාදනය කරන ඉන්දියාවේ පූනේ නුවර සේරම් ඖෂධ නිෂ්පාදන ආයතනයේ ප්‍රධානී අදාර් පූනවල්ලා එංගලන්තය බලා පිටත්ව ගොස් ඇතැයි වාර්තා වේ.

ඉල්ලුමට සරිලන ආකාරයට කොවිෂීල්ඩ් එන්නත් ලබා දීමට නොහැකි වී මෙන් සේරම් ආයතනය මේ වනවිට දැඩි අර්බුදයකට ලක් වී ඇති අතර, ඉන්දීය රජයෙන්, දේශපාලනඥයන්ගෙන්, ව්‍යාපාරිකයන් ඇතුළු ප්‍රබල පුද්ගලයන්ගෙන් තමන්ට දෝෂාරෝපණ එල්ල වීමටත් තර්ජන එල්ල වීමටත් පටන්ගෙන ඇති බවත්, ඒ නිසා තමන් ලන්ඩනයට පැමිණි බවත් අදාර් පූනවල්ලා පවසා තිබේ.

පූනවල්ලා මෙසේ පවසා ඇත්තේ එංගලන්තයේ 'ටයිම්ස් ඔෆ් ලන්ඩන්' පුවත්පත සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමිනි. 'මට ලොකුපීඩනයක් එල්ල වෙලා. වගකීම් සියල්ල දැන් මාගේ කරපිට පැටවිලා. එන්නත් ඕනෑ බව කියමින් මට මරණීය තර්ජන පවා එල්ල වීමට පටන්ගෙන තිබෙනවා.' යැයි පූනවල්ලා පැහැදිලි කළේය.

බටහිර ඖෂධ සමාගම් ඔවුන්ගේ ඖෂධ බොහොමයක් නිෂ්පාදනය කරන්නේ සේරම් ආයතනය හරහාය. ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනකා එන්නත ද සේරම් ආයතනයේ නිෂ්පාදනය කිරීමට කටයුතු යෙදුණේ ඒ අනුවය. ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සිය 'වැක්සින් මෛත්‍රී' වැඩසටහන යටතේ අසල්වැසි ආසියානු රටවලට පරිත්‍යාග කළේත්, ලෝක සෞඛ්‍ය සංවිධානය මිලදී ගෙන ඔවුන්ගේ එන්නත් බෙදාදීමේ වැඩසටහන හරහා දිළිඳු රටවලට පරිත්‍යාග කළේත් සේරම් ආයතනයේ මෙම කොවිෂීල්ඩ් එන්නතය.

ඉකුත් සතියේ ඉන්දියාවෙන් දෛනිකව ආසාදිතයන් ලක්ෂ 3 පසු කළ අතර මේ වනවිට එය ලක්ෂ 4 සීමාව ද ඉක්මවා යමින් තිබේ. ඉන්දීය රජය පසුගිය අප්‍රේල් පළමු වැනිදා තීරණය කළේ සේරම් ආයතනය නිපදවන 'කොවිෂීල්ඩ්' එන්නත පමණක් නොව, ඉන්දියාවේ භාරත් බයෝටෙක් ආයතනය නිපදවන 'කොවැක්සින්' එන්නත ඉන්දියානුවන්ට පමණක් ලබා දෙන බවත්, එම එන්නත් අපනයනය තාවකාලිකව අත්හිටුවනු ඇති බවත්ය.

ඊයේ (1) සිට ඉන්දියාවේ අවුරුදු 18 වැඩි වැඩිහිටි සියලු දෙනාට මෙම එන්නත් ලබා දීමට රජය තීරණය කළේය. කෙසේ නමුත් ප්‍රාන්ත සෞඛ්‍ය බලධාරීන් පවසන්නේ එන්නත් හිඟයක් පවතින බවය.

මේ අතර සේරම් ආයතනයේ අදාර් පූනවාලා මාධ්‍ය හමුවේ පැහැදිලි කර ඇත්තේ තම සමාගම ඉන්දියාවෙන් පිට වෙනත් රටවල ඖෂධ නිෂ්පාදන සමාගම් සමඟ එක් වී 'කොවිෂීල්ඩ්' එන්නත් නිපදවීමට කටයුතු කරන බවය.

ඉන්දියාවේ කොරෝනා ආසාදිතයන් ඉහවහා යෑමට හේතුව වී ඇත්තේ එරටින් හඳුනාගත් 'බී.1.617' නමැති විකෘති වයිරසයයි. මෙම විකෘතිය මිනිස් සිරුරේ ප්‍රතිශක්තිය අභිබවා යන බවත්, එය එන්නත්වලින් අඩපණ කිරීම අසීරු බවත් කොරෝනා වසංගතය සම්බන්ධයෙන් ඉන්දීය මධ්‍යම රජයට උපදෙස් ලබා දෙන විද්වත් කමිටුව පවසයි.

ලන්ඩන් නුවරදීය (ටයිම්ස් ඔෆ් ලන්ඩන්)



අදහස් (0)

සේරම් ආයතනයේ ප්‍රධානියා එංගලන්තයට ගිහින්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 125 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 208 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1070 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site