
එක්සත් ජාතීන්ගේ 78 වැනි මහා මණ්ඩල සැසියට සහභාගී වී, ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් ද හමුවී සාකච්ඡා පැවැත්වීමෙන් අනතුරුව, යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී සහ බිරිඳ ඔලෙනා, කැනඩාව බලා පිටත්ව ගියහ.
කැනඩා අග්‍රාමාත්‍ය ජස්ටින් ටෲඩෝගෙන් යුක්රේන ජනාධිපතිවරයාට හිමිවූයේ උණුසුම් පිළිගැනීමකි. රුසියන් ආක්‍රමණය හමුවේ දිගටම කැනඩාවේ සහාය යුක්රේනයට හිමිවන බව එම අවස්ථාවේදී කැනඩා අග්‍රාමාත්‍යවරයා යුක්රේන ජනාධිපතිවරයාට පොරොන්දු වුයේය.
යුක්රේන ජනාධිපතිවරයා ඉන්පසු ඔටෝවා නුවර කැනඩා පාර්ලිමේන්තුව ඇමැතුවේය. රුසියාව, ජන සංහාර සිදු කරනවා යැයි කැනඩා පාර්ලිමේන්තුවේ නියෝජිත මන්ත්‍රී මණ්ඩලය හමුවේ යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කී පැහැදිලි කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd