පිලිප් කුමරුන්ගේ අවමංගල්‍ය උත්සවය සඳහා හැරී කුමරු සහභාගී වීමට නියමිත යැයි බකිංහැම් මාලිගයෙන් දැනගන්නට ලැබේ.
ඔප්රා වින්ෆ්‍රි සමඟ කළ ආන්දෝලනාත්මක සම්මුඛ සාකච්ඡාවෙන් පසු හැරී කුමරු බ්‍රිතාන්‍යයට පැමිණෙන පළමු අවස්ථාව මෙය වේ.
‘සසෙක්ස් හි ආදිපාදවරයා’ වන හැරී කුමරු සිය බිරිඳ මේගන් මර්කෙල් සමඟ සම්මුඛ සාකච්ඡාවකට සහභාගී වූ අතර එහිදි රාජකීය පවුල සම්බන්ධයෙන් මතභේදාත්මක කරුණු රැසක් අනාවරණය කළහ.
මේගන් මර්කෙල් මේ වනවිට ගර්භණී තත්ත්වයෙන් පසුවන අතර ඇයට මෙම අවස්ථාවට සහභාගී නොවන ලෙස වෛද්‍යවරුන් උපදෙස් දී ඇතැයි ද වාර්තා වේ.
පිලිප් කුමරුන්ගේ පුත් වන චාල්ස් කුමරු ඇතුළු රාජකීය පවුලේ පිරිසක් අවමංගල්‍ය උත්සවයට සහභාගී වීමට නියමිත ය.
අවමංගල්‍ය කටයුතුවලට අදාළව චාල්ස් කුමරු ඇතුළු පිරිස චාරිත්‍රානුකූලව දේහය පිටුපසින් ගමන් කිරීමට නියමිත ය. කෙසේ නමුත් මහ රැජින එම අවස්ථාවට සහභාගී නොවේ.
පිලිප් කුමරුන්ගේ අවමංගල්‍ය උත්සවය 30 දෙනකුට සීමා කර ඇති අතර ‘කොවිඩ්-19’ මාර්ගෝපදේශවලට අනුව සිදු කෙරේ.
ලන්ඩන්හිදීය (රොයිටර්ස්)
2025 දෙසැම්බර් මස 18
584
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
287
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1088
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සීයාගේ අවමංගල්‍යයට හැරී කුමරු එනවා