
අභ්‍යවකාශ නැවැතුම්පොළේ මාස 9 කට ආසන්න කාලයක් තිස්සේ සිරවී සිටින නාසා ගගනගාමීන් දෙදෙනා වන සුනීතා විලියම්ස් සහ බුච් විල්මෝර් ආපසු පෘථිවියට ගෙන්වා ගැනීමට නාසා ආයතනය ස්පේක්ස් එක්ස් ඩ්‍රැගන් කැප්සියුලයක් උඩු ගුවනට යැවීය.
ඩ්‍රැගන් කැප්සියුලය උඩු ගුවනට තල්ලු කළේ ස්පේස් එක්ස් ෆෝල්කන් 9 රොකට්ටුවකි. මෙය 'කෲ 10' මෙහෙයුම ලෙස නම් කර ඇති අතර, ගගනගාමීන් සිවු දෙනකු ඩ්‍රැගන් කැප්සියුලයෙන් අභ්‍යවකාශ නැවැතුම්පොළ බලා පිටත්ව ගියේය.
කැප්සියුලය තව නොබෝ දිනකින් ආපසු පැමිණෙනු ඇත්තේ සුනීතා විලියම්ස් සහ බුච් විල්මෝර් ද සමඟ යැයි පැවැසෙයි.
(ඒ.එෆ්.පී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd