IMG-LOGO

සීෂෙල්ස් ජනපතිවරණයේ ජය විපක්ෂයේ අපේක්ෂක රාම්කලවාන්ට

සීෂෙල්ස්හි ජනාධිපතිවරණයෙන් විපක්ෂයේ අපේක්ෂක වේවල් රාම්කලවාන් මහතා ජයග්‍රහණය කර තිබේ.

ජයග්‍රහණය සඳහා ඔහු ජනාධිපති ඩැනී ෆෝර් මහතාට එරෙහිව 54.9%ක ඡන්ද ප්‍රතිශතයක් හිමිකරගෙන ඇත. ජනපති ඩැනී ෆෝර් ලබාගෙන ඇත්තේ 43.5%ක ප්‍රතිශතයකි.

1977 වසරෙන් පසු සීෂෙල්ස්හි බලය විපක්ෂයට ලැබුණු ප්‍රථම අවස්ථාව මෙයයි.

ඇන්ග්ලිකන් පූජකයෙක්ද වන රාම්කලවාන් මහතා ජයග්‍රහනයෙන් පසු මාධ්‍ය අමතමින් කියා සිටියේ තරගයේ පරාජිතයන් හෝ ජයග්‍රාහකයින් නොමැති බවයි. ෆොර් මහතා සමග සහයෝගයෙන් කටයුතු කරන බවද හෙතෙම පවසා සිටියේය.

"ෆෝර් මහතා සහ මගේ හොඳ මිතුරෙක්. මැතිවරණයක් යනු යම් පුද්ගයෙකු සිය මවුබිමට ඉටුකල සේවයේ අවසානය නොවේ. මෙම මැතිවරණයේ පරාජිතයින් නැත, ජයග්‍රාහකයින් ද නැත. ජනතාව පරම ජයග්‍රාහකයාට අවස්ථාව ලබාදී ඇත." යනුවෙන් රාම්කලවාන් මහතා පැවසීය.‍

රාම්කලවාන් මහතා මීට පෙර පැවති මැතිවරණ හයකින් පරාජයට පත්විය. ඔහුගේ දිවුරුම් දීම සඳුඳා (26) සිදුවනු ඇත.

බ්‍රිතාන්‍ය යටත් විජිතයක්ව පැවති සීෂෙල්ස් රාජ්‍යය ස්වාධීනත්වය ලබාගත්තේ 1976 වර්ෂයේ දීය.

ඉන්දියන් සාගරයේ පිහිටි දූපත් සමූහයකින් සමන්විත සීෂෙල්ස්, හෙරොයින් ජාවාරම දරුණු ලෙස ක්‍රියාත්මක වන, දේශගුණික විපර්යාසයන්ගේ දැඩි බලපෑමට නිරතුරුවම ලක්වන රටකි.

බීබීසී ඇසුරිණි

085



අදහස් (0)

සීෂෙල්ස් ජනපතිවරණයේ ජය විපක්ෂයේ අපේක්ෂක රාම්කලවාන්ට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 93 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 152 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 1013 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site