IMG-LOGO

2025 අගෝස්තු මස 05 වන අඟහරුවාදා


සිවිල් වැසියන්ට බෝම්බ ප්‍රහාරයක්

යුක්රේනයේ සටන් විරාමයක් නොවූ සටන් විරාමය තුළ රුසියානු බෝම්බ ප්‍රහාරය කට හසු වී මියගිය කාන්තාවක් සහ ඇයගේ දරු දෙදෙනා පිළිබඳ විදෙස් මාධ්‍ය සහ සමාජ මාධ්‍ය තුල කතා බහක් නිර්මාණය වෙමින් පවතී.

ඉහළ පෙළේ ගණකාධිකාරිනියක් වූ ටට්යානා සහ ඇයගේ නව හැවිරිදි දියණිය ඇලිස් සහ දහ  අට හැවිරිදි පුත්‍රයා වූ නිකිටා මෙසේ සටන් විරාමය අතරතුර යුක්රේනයේ අර්පින් නගරයෙන් බේරි යාමට උත්සහ දැරීමේදී රුසියානු හමුදාවේ මෝටාර් ප්‍රහාරයකට හසු වී මියගොස් ඇත.

ටට්යානා සහ ඇයගේ දරුවන් දෙදෙනා පාර අයිනේ මියගොස්  සිටින ඡායාරූප විදෙස් මාධ්‍ය අද දින ප්‍රසිද්ධියට පත් කළ අතර ඇයගේ සුරතල් සතුන් දෙදෙනා ඔවුන්ගේ මෘත ශරීර අසල කොර ගසමින් සිටින අයුරුද ඡායාරූප වල සටහන් වී ඇත.ඇයගේ අසනීප මව බලාගැනීමට සිදු වූ නිසා නගරය හැරයාමට ප්‍රමාද වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

(රොයිටර්)

යුක්රේන-රුසියා අර්බුදය:- වැඩිදුර තොරතුරු සඳහා මෙතැනින් පිවිසෙන්න



අදහස් (1)

සිවිල් වැසියන්ට බෝම්බ ප්‍රහාරයක්

sujeewa Wednesday, 09 March 2022 05:33 PM

අනේ මන්දා කවුරු ඇත්ත කියනවද කියලා හිතාගන්න බැහැ. යුක්රේන ජනාධිපති කිව්වාලු සියළු දෙනා අතට අහුවෙන ආයුධයක් අනේ යුද්ධයට එන්න කියලා. තව එයා හමුදා නීතිය පනවලා කිව්වලු අවු 18ට අඩු අය හැර කිසිවකුට රටින් පිටවීම තහනම් කියලා. තව එයා කිව්වලු සාමාන්‍ය ජනතාවට ආයුධ 12000 ක් නිකුත් කළා කියලා. රූමතියන් හා කුඩා දරුවන් පවා සටන් පුහුණුව ලබන බවට ඡායාරූපත් දාලා තිබුණා. සාමාන්‍ය ජනතාව පෙට්‍රල් බෝම්බ පවා හදාගෙන රුසියානු යුද්ධ ටැංකිවලට පහර දෙනවාලු. මට තියෙන ප්‍රශ්නය එතකොට ඒ අය කෝ...? යුද්ධයට ගිය විශාල සාමාන්‍ය ජනතාවක් කෙටි කලකින් සුපිරි පුහුණුවක් ලබාගෙන දිවි බේරාගෙන තවමත් සටනේද? අපේ හමුදාවට දාපු චෝදනා මතක්වෙලා නිකමට වගේ සැකයක් ඇතිවන නිසයි ඇහුවේ...

:       0       9

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 229 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 387 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 724 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site