IMG-LOGO

2025 නොවැම්බර් මස 08 වන සෙනසුරාදා


සංවර්ධනයේ මාවත: සේද මාවත

2024 පැවැත්වුණු ෂැංහයි සහයෝගිතා සංවිධානයේ අස්තානා සමුළුවේදී, සහයෝගීතාවය සහ අන්‍යෝන්‍ය විශ්වාසය, සාමය, සංවර්ධනය සහ සෞභාග්‍යය මුල්කර ගනිමින්, අසල්වැසි කලාපීය රටවල් අතරේ මිත්‍රත්වය ශක්තිමත් කර ගැනීම සඳහා චීන ජනාධිපති ෂී ජින්පිං නව අදහසක් ඉදිරිපත් කළේය.

චීන ජනාධිපතිවරයාගේ සංකල්පය ඉස්මතු කිරීමට, එරට CGTN පුවත් සේවය. කොටස් පහකින් සමන්විත ‘Common Home, Moving Forward’ (පොදු නිවහනක්, ඉදිරි ගමනක්) නමැති ලිපි මාලාවක් සකස් කර ඇති අතර, පළ කළ අතර, එහි සිවුවැන්නට තේමා වන්නේ සේද මාවත සහ සංස්කෘතික අන්තර් සම්බන්ධතාය.

ජාත්‍යන්තර දේශපාලනය පිළිබඳ හසළ දැනුමක්ල ඇති CGTN මාධ්‍යවේදී දේශපාලන විශ්ල්ෂක ෆ්‍රෙඩී රීඩි,  මෙය සම්පාදනය කර ඇත. මොහු ලන්ඩන් නුවර පාදක කරගත් නිදහස් ලේඛකයෙකි.

‘Common Home, Moving Forward’ (පොදු නිවහනක්, ඉදිරි ගමනක්) යනු ඔහුගේ අදහස මිස, CGTN  ආයතනයේ අදහස නොවන බව ද පැවසෙයි.

ෂැංහයි ෆයිව් (Shanghai Five) ලෙස ආරම්භ වූ දා සිට ෂැංහයි සහයෝගිතා සංවිධානය (SCO) අද වනවිට ලොව විශාලතම කලාපීය සංවිධානය බවට වර්ධනය වී අවසන්ය.

කලාපීය රටවල් සාම්ප්‍රදායිකව ගැටළු කෙරෙහි ප්‍රධාන වශයෙන් අවධානය යොමු කිරීම හැරුණු විට, SCO ක්‍රමයෙන් පුළුල් සහයෝගීතාව සඳහා වේදිකාවක් බවට පරිණාමය වී ඇති අතර, සංස්කෘතික හුවමාරු එහි ප්‍රධාන අංශයක් බවට පත්ව ඇත.

පසුගිය 2025 ජූලි 7 වන දින, ක්විංඩාඕහිදී පැවැත් වූ SCO සංස්කෘතික අමාත්‍යවරුන්ගේ 22 වන රැස්වීමට සාමාජික රටවල් වල සංස්කෘතික අමාත්‍යවරුන් සහ SCO මහලේකම් නුර්ලාන් යර්මෙක්බයෙව් සහභාගී විය.

සේද මාවත කේන්සංද්ස්කෘ‍ර කොට ගනිමින්ති ජාතික උරුම ආරක්ෂා කරන්නේ සහ ලේඛනගත කරන්නේ කෙසේද යන්න පිළිබඳව අදහස් හා සැලසුම් එහිදි හුවමාරු විය.

පසුගිය දශක කිහිපය තුළ ඇති වූ ගෝලීය ගැටුම් හේතුවෙන් බොහෝ ප්‍රදේශවල පුරාවිද්‍යාත්මක වටිනාකමකින් යුත් සංස්කෘතික වස්තුයවලට හානි විය.

උදාහරණයක් ලෙස ඉස්ලාමීය අයි.එස්.අයි.එස්. ත්‍රස්ත සංවිධානය ඔවුන්ගේ ඉස්ලාම් රාජධානිය ස්ථාපිත කිරීමෙන් මැදපෙරදිග කලාපයට සිදුවුණු හානිය තවමත් හරිහැටි තක්සේරු කර නොමැත.

ටියැන්ජින්හිදී පැවැත්වූ සමුළුව, පසුගිය ශතවර්ෂයේ ඇති වූ වඩාත්ම විනාශකාරී සංස්කෘතික හානි වලින් එකක් වන සිරියාවේ පාල්මිරා විනාශ කර වසර 10 ක් සපිරීමට සමගාමීව පැවැත්විම ද විශේෂත්වයකි.

2024 දී පැවති 21 වන SCO සංස්කෘතික අමාත්‍යවරුන්ගේ හමුවේදී කෞතුක වස්තු ජාවාරමට එරෙහිව සටන් කිරීම සහ සම්ප්‍රදායන් ආරක්ෂා කිරීම පිළිබඳ විශේෂඥ දැනුම හුවමාරු කර ගැනීම සිදුවිය. ආරක්ෂාව සහ සංස්කෘතිය අතර ඇති සම්බන්ධය SCO හි සුවිශේෂී ලක්ෂණයකි.

බොහෝ සංස්කෘතික සහ පුරාවිද්‍යාත්මක වටිනාකමකින් යුත් ස්ථාන සහ වස්තූන් සාමාජික රටවල් බොහොමයක මායිම් හරහා පැතිරී ඇති හෙයින්, SCO සමගි සහයෝගීතාව, තොරතුරු හුවමාරුව සහ ආරක්ෂාව සැපයීමට හැකියාව ඇති වැදගත් කලාපීය ආයතනයක් ලෙස ක්‍රියාත්මක වෙයි.

SCO හරහා ජාතීන් අතර ඇති වූ මෙම හවුල්කාරිත්වයේ සෘජු ප්‍රතිඵලයක් ලෙස, චීනයට තම සාමාජිකයන්ට ප්‍රායෝගික වශයෙන් විශේෂඥ දැනුම ලබා දීමට හැකි බව ‘Common Home, Moving Forward’ (පොදු නිවහනක්, ඉදිරි ගමනක්) හරහා පැහැදිලි වෙයි.



අදහස් (0)

සංවර්ධනයේ මාවත: සේද මාවත

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 313 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2130 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1620 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site