සවුදි අරාබියේ ජෙඩා නගරයේදී විදේශීය තානාපතිවරුන් සහභාගී වූ සැමරුම් උත්සවයක බෝම්බයක් පුපුරායාම හේතුවෙන් සිව් දෙනකු තුවාල ලබා ඇතැයි වාර්තා වේ.
එහිදී ග්‍රීක කොන්සල් කාර්යාලයේ සේවය කරන ආරක්ෂක නිලධාරියෙකු බරපතල ලෙස තුවාල ලබා තිබේ.
පළමුවන ලෝක යුද්ධයේ අවසානය සනිටුහන් කරමින්, මුස්ලිම් නොවන සුසාන භූමියක මෙම උත්සවය පවත්වා තිබේ.
සැමරුම් උත්සවයට සහභාගීවූ තානාපතිවරුන් සිද්ධිය සම්බන්ධව ඉක්මන් පරීක්ෂණයක් පවත්වන ලෙස සෞදි බලධාරීන්ගෙන් ඉල්ලා තිබේ.
කෙසේවුවද සෞදි බලධාරීන් මේ පිළිබඳව මෙතෙක් කිසිවක් ප්‍රකාශ කර නොමැති බව මාධ්‍ය වාර්තා කරයි.
(බීබීසී ඇසුරිණි - 085)
ශ්රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
සවුදියේ විදේශීය තානාපතිවරුන් සහභාගී වූ සැමරුම් උත්සවයකට බෝම්බ ප්‍රහාරයක්