IMG-LOGO

2025 නොවැම්බර් මස 06 වන බ්‍රහස්පතින්දා


සිරවුණු කම්කරුවන් මුදා ගැනීම අවසන් අදියරේ

උතුරු ඉන්දියාවේ, උත්තරකාන්ද් ප්‍රාන්තයේ උමං මාර්ගයක කොටසක් කඩා වැටී, ඒ තුළ සිරවුණු ඉදිකිරීම් කම්කරුවන් 41 දෙනා මුදා ගැනීමේ මෙහෙයුම්, මේ වනවිට අවසන් අදියරට ළං වී ඇතැයි දිවිගලවා ගැනීමේ කණ්ඩායම් පවසයි.

දිවිගලවා ගැනීමේ මෙහෙයුම්වලට ආයතන රැසක් සම්බන්ධ වී සිටී.

ඉන්දීය රජයේ ‘ජාතික ආපදා ප්‍රතිචාර බලකාය’ ද ඊට සම්බන්ධ වී සිටින අතර, එහි ප්‍රධානී අතුල් කර්වාල් මාධ්‍ය හමුවේ පැහැදිලි කර ඇත්තේ, මේ වනවිට උමං මාර්ගය අවහිර කළ කොන්ක්‍රීට් තට්ටු ඉවත් කර, කම්කරුවන් 41 දෙනා සිටින ස්ථානයට සිදුරු විදීමට හැකියාව ලැබී ඇති බවය.

කෙසේ නමුත්, කැණීම් යන්ත්‍රයක සිදුවුණු දෝෂයක් හේතුවෙන්, කැණීම් කටයුතු තාවකාලිකව නවතා දැමීමට සිදුවුණු බව අද (24) උදෑසන දැනගන්න ලැබුණි.

කම්කරුවන් 41 දෙනා උමං මාර්ගය තුළ සිරවූයේ පසුගිය 12 වැනිදාය.

ඔවුන් සිටින ස්ථානයට සිදුරු විද නළ සම්බන්ධ කර තිබේ. ඒවා හරහා ඔක්සිජන් සහ ආහාර පාන ලබා දීම නොකඩවා සිදුවෙමින් පවතී.



අදහස් (0)

සිරවුණු කම්කරුවන් මුදා ගැනීම අවසන් අදියරේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 106 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2032 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1566 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site