IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


සිරියා හමුදාවට යුද පුහුණුව දෙන්න ඉරානය සූදානම් වෙයි

සිරියා ජනපති බෂීර් අල් අසාද්ගේ හමුදාවට අවශ්‍ය නම් යුද පුහුණුව ලබාදීමට ඉරානය සූදානමින් සිටින බව ඉරාන පාබළ හමුදා අණදෙන නිලධාරී බි‍්‍රගේඩියර් ජනරාල් අහ්මඞ් රේසා පවසයි
ඉස්ලාමීය ජාතියක් වශයෙන් තම රජය සිරියාවට සහාය දක්වන බවත් සිරියා හමුදාවට යුද පුහුණුව අවශ්‍ය නම් එය ලබාදීමට සූදානම් බවත් අහ්මඞ් රේසා වැඩිදුරටත් සඳහන් කරයි. 
කැරැලිකරුවන්ට එරෙහිව සිරියා හමුදා දියත් කර ඇති හමුදා මෙහෙයුම්වලට සිය හමුදා සේනාංක යැවීමට ඉරාන රජය අපේක්ෂා නොකරන බවත් ජනරාල් අහ්මඞ් රේසා සඳහන් කළේය.
ඉරාන හමුදා ජනරාල්වරයා මේ බව පැවැසුවේ අයි.ආර්.එන්.ඒ. පුවත්සේවය හා සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමිනි.
ඊශ‍්‍රායලය හා කැරැලිකරුවන් සමඟ වසර ගණනාවක් තිස්සේ යුද වැද සිටින සිරියාව යුදමය අත්දැකීම්වලින් පොහොසත් බවත් එනිසා කිසිවිටෙකත් සිරියා රජයේ හමුදාවලට විදෙස් හමුදා ආධාර අවශ්‍ය නොවන බවත් ජනරාල් අහ්මඞ් රේසා අවධාරණය කරයි.
ඊශ‍්‍රායල හමුදා සිරියාවේ ඩමැස්කස් නගරයට ගුවන් ප‍්‍රහාරඑල්ල කිරීමේ සිදුවීමට පිළිතුරක් වශයෙන් හමුදා ජනරාල්වරයා මෙසේ පවසා ඇති බව ඉරාන මාධ්‍ය වර්තා සඳහන් කරයි.



අදහස් (0)

සිරියා හමුදාවට යුද පුහුණුව දෙන්න ඉරානය සූදානම් වෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 740 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 565 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 454 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site