IMG-LOGO

2025 සැප්තැම්බර් මස 10 වන බදාදා


සිරියා ජනපති බෂීර් අල් අසාද් 2014 වන තෙක් බලයේ ඉන්නවා

බටහිර රටවල් කොතරම් කුමන්ත‍්‍රණ කළත්, සිරියානු ජනාධිපති බෂීර් අල් අසාද් 2014 වසර වනතෙක් බලයේ රැඳී සිටිනු ඇතැයි ඉරානය පවසයි.
ඉරානය මේ බව කියා සිටියේ සිරියානු කැරැලිකරුවන්ට ආහාර හ ඖෂධ ලබා දීමට ඇමෙරිකාව ඉකුත් සතියේ ගත් තීරණයත් සමඟය. සිරියානු රජය පවසන්නේ සහනාධාර දෙන මුවාවෙන් ඇමෙරිකාව සිරියානු කැරැලිකරුවන්ට අවි ආයුධ ලබා දෙන බවටය.
අරාබි වසන්තය හරහා සිරියානු අර්බුදය ආරම්භ වූයේ 2011 වසරේ මාර්තු මාසයේදීය. සිරියානු විපක්ෂ කණ්ඩායම්, මානව කි‍්‍රයාකාරීන් ආයුධ අතට ගෙන සිරියා රජයට එරෙහිව සටන් ආරම්භ කිරීමත් සමඟ සිරියා රජය එම කැරැලිකරුවන්ට ප‍්‍රතිප‍්‍රහාර එල්ල කරන්න විය.
එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසන්නේ මේ වනවිට 70,000 කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇති බවය.
එක්සත් ජාතීන්ගේ සංවිධානය එසේ පවසා ඇත්තේ සිරියානු මානව හිමිකම් සංවිධාන සහ එරට කැරැලිකරුවන් විසින් පිහිටුවනු ලැබූ ‘සිරියානු ජාතික පාලක මණ්ඩලය’ ලබා දුන් තොරතුරු පාදක කර ගනිමිනි. සිරියානු රජය පවසන්නේ ගැටුම්වලින් එතරම් පිරිසක් මියගොස් නැති බවය.
සිරියානු අර්බුදය විසඳීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් පත් කරනු ලැබූ විශේෂ සාම නියෝජිත ලක්දාර් බ‍්‍රහීමි සාම යෝජනාවලියක් සකස් කර ඇති අතර ඒ සඳහා සිරියානු රජයේත්, කැරැලිකරුවන්ගේත් සිරියා රජයේ මිතුරා වන රුසියාවේ ද සහාය ඊට හිමිවිය.
ඇමෙරිකාව ප‍්‍රමුඛ බටහිර රටවල් ඊට එරෙහි වූ අතර ඔවුන් තරයේම කියා සිටින්නේ සිරියානු ජනපති අසාද් ජනපති ධුරය අත්හැරිය යුතුයි කියාය.



අදහස් (0)

සිරියා ජනපති බෂීර් අල් අසාද් 2014 වන තෙක් බලයේ ඉන්නවා

සනත් Thursday, 07 March 2013 08:04 AM

ලෝකෙම ප්‍රශ්න විලක් (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 622 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17597 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 725 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site