IMG-LOGO

2025 සැප්තැම්බර් මස 09 වන අඟහරුවාදා


සිරියා කැරැලිකරුවන් රසායනික අවි භාවිත කළ බවට සාක්ෂි නෑ


සිරියා ජනපති බෂීර් අල් අසාද්ගේ රජයට එරෙහිව සටන් වැද සිටින කැරැලිකරුවන් රසායනික අවි භාවිත කළ බවට සාක්ෂි නැතැයි ඇමෙරිකාව කියා සිටී.
සිරියා රජය යම් අවස්ථාවක රසායනික අවි භාවිත කළ හොත් ‘එය අනුමත කළ නොහැකි කි‍්‍රයාවකැයි ද ධවල මන්දිර ප‍්‍රකාශක ජේ කාර්නි සඳහන් කරයි.
කැරැලිකරුවන් රසායනික අවි භාවිත කරන බවට රුසියාව හා සිරියානු රජය කළ චෝදනාවලට පිළිතුරු දෙමින් ජේ කාර්නි මේ බව පැවැසීය. කැරැලිකාර පාර්ශවය විසින් සිරියාවේ ඇලෙප්පෝ නගරයට පෙරේදා(19) එල්ල කරන ලද රසායනික අවි ප‍්‍රහාරයකින් පුද්ගලයන් 25 දෙනෙකු මිය ගිය බවට සිරියා රජය චෝදනා කරයි.
යම් හෙයකින් සිරියා රජය රසායනික අවි භාවිත කළ හොත් එහි ප‍්‍රතිවිපාක විඳින්නට සූදානමින් සිටින්නැයි ජනපති ඔබාමා මීට ඉහතදී කළ අනතුරු ඇඟවීම පිළිබඳව ජේ. කාර්නි මෙහිදී සිහිපත් කළේය.
අරාබි වසන්තය හරහා සිරියානු අර්බුදය ආරම්භ වූයේ 2011 වසරේ මාර්තු මාසයේදීය. සිරියානු විපක්ෂ කණ්ඩායම්, මානව කි‍්‍රයාකාරීන් ආයුධ අතට ගෙන සිරියා රජයට එරෙහිව සටන් ආරම්භ කිරීමත් සමඟ සිරියා රජය එම කැරැලිකරුවන්ට ප‍්‍රතිප‍්‍රහාර එල්ල කරන්න විය.
එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසන්නේ මේ වන විට 75,000 කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇති බවය.



අදහස් (0)

සිරියා කැරැලිකරුවන් රසායනික අවි භාවිත කළ බවට සාක්ෂි නෑ

රත්නායක Friday, 22 March 2013 11:07 AM

ඒ මිනිස්සු සාක්කි ඉතුරු වෙන්න වැඩ කරයිද (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 618 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17579 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 723 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site