මධ්‍යම සිරියාවේ හමා පළාතේ ඊයේ(22) සිදු වූ මෝටර් රථ බෝම්බ ප‍්‍රහාරයකින් පුද්ගලයන් 30 දෙනකු ජීවිතක්ෂයට පත් වූ බව සානා පුවත්සේවය පවසයි.
හමා ප‍්‍රදේශයේදී මෝටර් රථ බෝම්බය පුපුරා යාමෙන් අනතුරුව ඩමැස්කස් නුවරට ද අධි බලැති බෝම්බ ප‍්‍රහාරයක් එල්ල විය. හමා පළාතේ සලාමියා නගරයේ සිටින ජනපති බෂීර් අල් අසාද්ගේ රජයට පක්ෂපාතී සන්නද්ධ කණ්ඩායමක් ඉලක්ක කරගෙන මෝටර් රථ බෝම්බ ප‍්‍රහාරය එල්ල වී ඇත.
මේ අතරතුර අරාබි ලීග ප‍්‍රධානී නබිල් අල් අරබි පැවැසුවේ
සිරියාව තුළ මෙසේ ප‍්‍රචණ්ඩ ක‍්‍රියා උග‍්‍රවීමත් සමඟ මාස 22කට අධික කාලයක් තිස්සේ පවතින ගැටුම් අවසන් කිරීමේ අපේක්ෂාවන් බොඳවී ඇති බවයි.
රටවල් විසිදෙකකින් සැදුම්ලත් අරාබි ලීගයේ සාමාජිකයන් එහි නායකයන්ගෙන් ඉල්ලා සිටින්නේ සිරියාවේ සිදුවන ලේවැගිරීම් වහාම නැවැත්වීමට එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයට බල කරන ලෙසයි.
දිනෙන්දින උග‍්‍රවන සිරියානු යුද්ධය පිළිබඳ අදහස් දක්වමින් එ.ජා මහලේකම් බැන් කී මුන් සහ සිරියා සාම නියෝජිත ලක්දාර් බ‍්‍රහිමි කියා සිටියේ සිරියා රජයට සහ කැරලිකරුවන්ට අවිආයුද සැපයීමෙන් සිදු වන්නේ මරණ සංඛ්‍යාව ඉහළ යාම පමණක් බවයි. සිරියාවට ආයුද සපයන රටවල් කවුරුන්දැයි ඔවුන් දෙදෙනා සිය ප‍්‍රකාශයේදී සඳහන් කළේ නැත.
සිරියාවේ ගැටුම් හේතුවෙන් අවතැන්ව සිටින ජනතාවට සහන සැලසීමට සඳහා මානුෂීය ආධාර ලබාදීමට තමන් සූදානමින් සිටින බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි. අවතැන්වූ ජනතාවට ආහාර, පිරිසිදු ජලය සහ වෛද්‍ය ආධාර ලබාදීමේ දැවැන්ත වැඩපිළිවෙළක් සකසා ඇතැයි ද එ.ජා. සංවිධානය වැඩිදුරටත් සඳහන් කරයි.
මේ අතර රුසියානු ජාතිකයන් සියයකට අධික පිරිසක් ගැටුම්වලට මැදිව සිටින බව පවසන රුසියාව එම පිරිස බේරා ගැනීම සඳහා ලෙබනනයට ගුවන්යානා දෙකක් එවීමට සූදානමින් සිටින බව ද ඊයේ නිවේදනය කළේය.
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
සිරියාවේ හමා පළාතේ කාර් බෝම්බයක් පිපිරී 30ක් මරුට
ගාමිණි Wednesday, 23 January 2013 10:05 PM
මේක ත්‍රස්තවාදී ක්‍රියාවක්දැයි සැකයි. (නි)