IMG-LOGO

2025 සැප්තැම්බර් මස 15 වන සඳුදා


සිරියාවේ මිලියන 5 කට උන්හිටිතැන් අහිමි වෙලා

භූමි කම්පා හේතුවෙන් සිරියාවේ මිලියන 5.3 කට වැඩි පිරිසකට උන්හිටිතැන් අහිමි වී ඇතැයි සරණාගතයන් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස් කාර්යාලය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

භූමි කම්පාවෙන් පීඩාවට පත් වී සිටින්නේ වසර 12 ක් තිස්සේ පවතින සිරියානු සිවිල් යුද්ධය නිසා අසරණ වුණු වැසියන් බව ද එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස් කාර්යාලය නිකුත් කළ එම නිවේදනයේ වැඩි දුරටත් සඳහන් වෙයි.

භූමි කම්පාවලින් මියගිය සිරියානු වැසියන් ගණන 4,500 පසු කර තිබේ. භූමි කම්පාවලින් වැඩිපුර හානි සිදුවූයේ සිරියානු විපක්ෂ දේශපාලන කණ්ඩායම්වල පාලනයේ පවතින ඇලෙප්පෝ නගරය ඇතුළු ප්‍රදේශ රැසකි. භූමි කම්පාවෙන් විපතට පත්වුණු සිරියානු වැසියන්ට ආධාර ලබා දීම සිදුවන්නේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මැදිහත් වීමෙනි.

විපක්ෂ දේශපාලන කණ්ඩායම් සහ ඔවුන්ට හිතවත් සන්නද්ධ කණ්ඩායම් සතුව පවතින ප්‍රදේශවලට කඩිනමින් ආධාර ලබා දීමට එක්සත් ජාතීන්ගේ නියෝජිතයන්ට සිරියානු රජයේ පූර්ණ අවසරය හිමිවී ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

(රොයිටර්)



අදහස් (0)

සිරියාවේ මිලියන 5 කට උන්හිටිතැන් අහිමි වෙලා

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්



මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 21688 19

’’අනුර ගෝ ගම පටන් ගත්තා’’
2025 අගෝස්තු මස 26 18104 35

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10836 30

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 531 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 164 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 824 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site