ඇෆ්ගනිස්තානයට අත් වී ඇති ඉරණම සිරියාවට අත් වීමට ඉඩ නොදිය යුතු යැයි ඇමෙරිකානු ඒකාබද්ධ මාණ්ඩලික ප‍්‍රධානී ජනරාල් මාටින් ඩෙම්ප්සි පවසයි.
ජනරාල්වරයා මේ බව කියා සිටියේ ඇමෙරිකාවේ මූල්‍ය ආධාර මත පවත්වාගෙන යන ‘අල් හුර්රා’ නමැති අරාබි රූපවාහිනී නාළිකාව සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමිනි.
වසර දෙකකට ආසන්න කාලයක් පවතින සිරියාවේ සිවිල් අරගලය තව තවත් දිග් ගැස්සුණහොත්, ඊට ඇමෙරිකාව ඇතුළු බටහිර රටවල හමුදා මැදිහත් වුවහොත් එය මහා පරිමාණයේ යුද්ධයක් වනු ඇති බව ජනරාල් ඩෙම්ප්සි පවසයි. සිරියානු අර්බුදය ආරම්භ වුයේ අරාබි වසන්තය නැමැති ජනතා නැගී සිටීම ඔස්සේය. ඒ, 2011 වසරේ දීය. සිරියා ජනපති බෂීර් අල් අසාද්ගේ රජය පෙරළා දැමීමට ආයුධ අතට ගෙන සිටින කැරැලිකාර පාර්ශ්වයට මේ වනවිටත් ඇමෙරිකාව, ප‍්‍රංශය සහ බි‍්‍රතාන්‍යයේ ද සහාය හිමිවෙයි.
ඇමෙරිකාව, ජෝර්දානයේදී සිරියා කැරැලිකරුවන්ට ආයුධ පුහුණුවක් ලබා දෙන බවට සිරියානු රජය චෝදනා කරයි. කෙසේ නමුත් ඇමෙරිකාව එම චෝදනා තරයේ ප‍්‍රතික්ෂේප කරයි.
සිරියානු අර්බුදය හේතුවෙන් මේ වනවිට මියගොස් ඇති සිවිල් වැසියන් ගණන 70,000 ක් යැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය පෙන්වා දෙයි.
සිරියා කැරැලිකරුවෝ පසුගිය දා එරට දීල් අල් සෝර් නමැති දිස්ති‍්‍රක්කයේ තෙල් ළිං තුනකට පහර දී ගිනි තැබූහ. දිනකට තෙල් බැරල් 5,000 ක් එම තෙල් ළිංවලින් නිපදවන බවත්, ඒවාට ගිනි තැබීමෙන් සිදුවූ පාඩුව අතිමහත් බවත් සිරියානු රජය නිවේදනය කර ඇත.
පැය ගණනාවකට පසු, විශාල පරිශ‍්‍රමයක් දරා තෙල් ළිංවල හටගත් එම ගින්න නිවා දැමීමට සිරියානු රජයට හැකි වූ බව ද එරට පුවත් සේවා වැඩි දුරටත් වාර්තා කරයි.
මේ වනවිට නැගෙනහිරින් පිහිටා දීල් අල් සෝර් දිස්ති‍්‍රක්කයේ පළාත් රැසක් අල්ලා ගැනීමට ද කැරැලිකරුවන් සමත් ව ඇතැයි සිරියානු රජය පවසයි.
බලයෙන් ඉවත් වීම ප‍්‍රතික්ෂේප කරන සිරියානු ජනපති බෂීර් අල් අසාද්ගේ පාලනයට එරෙහිව ආයුධ අතට ගෙන සටන් කරන එම කැරැලිකරුවන් උත්සහ ගන්නේ රටේ තෙල් සම්පත අඩපන කර රට තව දුරටත් අස්ථාවර කිරීමට යැයි දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති.
දීල් අල් සෝර් දිස්ති‍්‍රක්කයේ තවත් තෙල් ළිං හයක් පිහිටා ඇති අතර ඒවාට මේ වනවිට හමුදා ආරක්ෂාව යෙදා ඇතැයි ද වාර්තා වේ.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
සිරියාව තවත් ඇෆ්ගනිස්තානයක් කරන්න එපා