IMG-LOGO

2025 ජුලි මස 17 වන බ්‍රහස්පතින්දා


සිරියානු විපක්ෂ සංධානය කටාර් රාජ්‍යය සමඟ තානාපති සබඳතා අරඹයි

සිරියා ජනතාවගේ සැබෑ දේශපාලන හඬ යැයි අරාබි ලීගයේ අනුමැතිය ලබා ගැනීමට සමත් ව සිටින සිරියානු කැරැලිකරුවන් සහ එරට විපක්ෂ දේශපාලන කණ්ඩායම්වලින් සැඳුම්ලත් ‘ජාතික පාලක මණ්ලය’ ඊයේ (28) සිය ප‍්‍රථම තානාපති කාර්යාලය කටාර් රාජයයේ පිහිටුවීය.
විපක්ෂ නායක මෝසා අල් කටීබ් කටාර් රාජ්‍යයේ ඩෝහාහිදී එම තානාපති කාර්යාලය විවෘත කළ අවස්ථාවේදී කියා සිටියේ බලයෙන් ඉවත් වීම ප‍්‍රතික්ෂේප කරන ජනපති අසාද්ගේ රජය පෙරළා දැමීමට ජාත්‍යන්තරයෙන් ප‍්‍රමාණවත් සහායක් නොලැබුණු බවය.
”බටහිර රටවලට අවබෝධ වී තිබෙනවා සිරියාවේ දේශපාලන වෙනසක් අවශ්‍ය බව. අපගේ අදහස් ඔවුන්ට වැටහෙනවා. ඒත් වසර දෙකක් තිස්සේ දිග් ගැස්සෙමින් පවතින සිරියානු අර්බුදයට විසඳුමක් දී අසාද්ගේ පාලනය වෙනස් කිරීමට ඔවුන් කැපී පෙනෙන සේවයක් ඉටු කර නැහැ.” යැයි විපක්ෂ නායකවරයා අවධාරණය කළේය.
කටාර් රාජ්‍යයේ ද සහාය ඇතිව ඩෝහාහි එම තානාපති කාර්යාලය පිහිටුවීමෙන්, ජාත්‍යන්තර ප‍්‍රජාවට තවත් සමීප වීමට තමන්ට අවස්ථාව උදා වනු ඇති බව ද විපක්ෂ නායකවරයා වැඩි දුරටත් කියා සිටියේය.
ජයග‍්‍රහණය ලැබීමට නම් කැරැලිකරුවන් සහ විපක්ෂ කණ්ඩායම් අතරේ ද එකමුතුවක් තිබිය යුතු බව ද කටීබ් වැඩි දුරටත් කියා සිටියේය. 
විපක්ෂ නායකවරයා පමණක් නොව කටීබ් ජාතික පාලක මණ්ලයේ නායකයා ලෙස ද කටයුතු කළ නමුත් ඉකුත් 25 වැනිදා ඔහු එම තනතුරෙන් ඉවත් වූයේය.
කටිබ්ගේ එම ඉවත් වීමෙන් සිරියානු විපක්ෂ කණ්ඩායම් අතරේ අර්බුදයක් ද හට ගත්තේය. දේශපාලන විචාරකයන් පෙන්වා දුන්නේ කටිබ්ගේ ඉවත් වීමෙන් පෙනී යන්නේ සිරියානු විපක්ෂ දේශපාලන කණ්ඩායම් අතරේ බෙදීමක් පෙන්නුම් කරන බවය.
ඉල්ලා අස්වන බව නිවේදනය කරමින් කටිබ් කියා සිටියේ තමාට නිදහසේ කටයුතු කිරීමට අවශ්‍ය බවත් කාටවත් යටත් වී කටයුතු කිරීමට නොහැකි බවත්ය. කෙසේ නමුත් ඉකුත් 27 වැනිදා ඩෝහාහි පැවැති අරාබි නායක සමුළුවට කටීබ් සිරියා විපක්ෂය නියෝජනය කරමින් සහභාගී වූයේය.
අරාබි ලීග සමුළුවට සිරියා රජයේ නියෝජිතයන් සහභාගී නොවී, කැරැලිකාර පාර්ශ්වය නියෝජනය කරන විපක්ෂ දේශපාලන කි‍්‍රයාකාරීන් සහභාගී වීම බෂීර් අල් අසාද්ගේ රජයට එල්ල වූ මරු පහරක් යැයි ද දේශපාලන විචාරකයෝ පෙන්වා දුන්හ.

කටීබ් තානාපති කාර්යාලව විවෘත කරමින් ...

 



අදහස් (0)

සිරියානු විපක්ෂ සංධානය කටාර් රාජ්‍යය සමඟ තානාපති සබඳතා අරඹයි

ගාමිණි Saturday, 30 March 2013 09:28 PM

හොද වැඩක්

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 160 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 364 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 158 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site