
ජාත්‍යන්තර ප්‍රජාව විසින් තහනම් කරනු ලැබූ රසායනික අවි යොදාගෙන සිරියානු සිවිල් වැසියන් අමු අමුවේ ඝාතනය කර, මනුෂ්‍යත්වයට එරෙහිව අපරාධ සිදු කළේ යැයි චෝදනා නගමින්, ප්‍රංශ රජය සිරියානු ජනාධිපති බෂාර් අල් අසාද්, ඔහුගේ සොහොයුරා සහ සිරියානු රජයේ ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන් දෙදෙනකු අත්අඩංගුවට ගැනීමට ජාත්‍යන්තර වරෙන්තු නිකුත් කර තිබේ.
අසාද්ට අමතරව වරෙන්තු නිකුත් කර ඇත්තේ, අසාද්ගේ සොහොයුරා මහීර් සහ සිරියානු රජයේ හමුදා ජනරාල්වරුන් වන ඝෂාන් අබ්බාස් සහ බසාම් අප් හසාන් යන දෙදෙනාටය.
සිරියාවේ සිවිල් යුද ගැටුම් ඇවිලෙද්දී, ජනාධිපති අසාද්ගේ උපදෙස් පරිදි, සිරියානු රජයේ හමුදාව, රසායනික අවි භාවිතයට ගනිමින් සිවිල් වැසියන්ට පහර දුන්නේ 2013 යැයි සිවිල් අයිතීන් වෙනුවෙන් පෙනී සිටින ජාත්‍යන්තර සංවිධාන පෙන්වා දෙයි.
එම රසායනික අවි ප්‍රහාරයෙන් සිරියාවේ ඩොරාම් නැමිති නගරයේ සිවිල් වැසියන් දහසක් ජීවිතක්ෂයට පත්වුණු බව සිවිල් අයිතීන් වෙනුවෙන් පෙනී සිටින සංවිධාන පැහැදිලි කර තිබේ.
(ඒ.එෆ්.පී.)
2025 නොවැම්බර් මස 04
110
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2034
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1567
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
සිරියානු ජනපති අසාද් අත්අඩංගුවට ගන්න වරෙන්තු