IMG-LOGO

2025 ජුලි මස 17 වන බ්‍රහස්පතින්දා


සිරියානු කැරැලිකරුවෝ තෙල් ළිං තුනකට ගිනි තබති

සිරියානු කැරැලිකරුවෝ ඊයේ (1) එරට දීල් අල් සෝර්  දිස්ති‍්‍රක්කයේ තෙල් ළිං තුනකට පහර දී ගිනි තැබූහ. 
දිනකට තෙල් බැරල් 5,000 ක් එම තෙල් ළිංවලින් නිපදවන බවත්, ඒවාට ගිනි තැබීමෙන් සිදුවූ පාඩුව අතිමහත් බවත් සිරියානු රජය නිවේදනය කර ඇත.
පැය ගණනාවකට පසු, විශාල පරිශ‍්‍රමයක් දරා තෙල් ළිංවල හටගත් ගින්න නිවා දැමීමට සිරියානු රජයට හැකි වූ බව ද එරට පුවත් සේවා වැඩි දුරටත් වාර්තා කරයි.
දීල් අල් සෝර් දිස්ති‍්‍රක්කයේ පළාත් රැසක් අල්ලා ගැනීමට ද කැරැලිකරුවන් සමත් ව ඇතැයි සිරියානු රජය පවසයි.
බලයෙන් ඉවත් වීම ප‍්‍රතික්ෂේප කරන සිරියානු ජනපති බෂීර් අල් අසාද්ගේ පාලනයට එරෙහිව ආයුධ අතට ගෙන සටන් කරන එම කැරැලිකරුවන් උත්සහ ගන්නේ රටේ තෙල් සම්පත අඩපන කර රට තව දුරටත් අස්ථාවර කිරීමට යැයි දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති.
දීල් අල් සෝර් දිස්ති‍්‍රක්කයේ තවත් තෙල් ළිං හයක් පිහිටා ඇති අතර ඒවාට මේ වනවිට හමුදා ආරක්ෂාව යෙදා ඇතැයි ද වාර්තා වේ.



අදහස් (0)

සිරියානු කැරැලිකරුවෝ තෙල් ළිං තුනකට ගිනි තබති

ලාල් Tuesday, 02 April 2013 04:03 PM

මේ මිනිස්සු හරිම මෝඩයි. විනාස කරන්නේ තමන්ගේ රටේම සම්පත් (ස)

:       0       0

මහේෂ් Tuesday, 02 April 2013 01:41 PM

මේ මොන අපරාධයක්ද මේ (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 160 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 364 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 158 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site