IMG-LOGO

2025 ඔක්තෝබර් මස 30 වන බ්‍රහස්පතින්දා


සිරියානු කැරැලිකරුවන්ට ආයුධ දීම ගැන දෙවරක් සිතන්න

සිරියාවට එරෙහිව යුරෝපා සංගමය පනවා ඇති ආයුධ තහනම ඉවත් කිරීමත්, සිරියා කැරැලිකරුවන්ට පමණක් ආයුධ දීමට බි‍්‍රතාන්‍යය සහ ප‍්‍රංශය තීරණය කිරීමත් ගැන දෙවරක් සිතා බලන්නැයි එම සංගමයේ විදේශ ප‍්‍රතිපත්ති පිළිබඳ කමිටුවේ ප‍්‍රධානී කැතරීන් ඈෂ්ටන් පවසයි.
ඇය මේ බව කියා සිටියේ පසුගියදා නිමාවට පත් වූ යුරෝපා සංගම් සැසිවාරයේදී කැරැලිකරුවන්ට පමණක් ආයුධ දීමට බි‍්‍රතාන්‍යය සහ ප‍්‍රංශය සූදානමින් සිටින බව පැවැසූ අවස්ථාවේදීය.
බි‍්‍රතාන්‍යය සහ ප‍්‍රංශය වැඩි දුරටත් කියා ඇත්තේ යුරෝපා සංගමයේ සෙසු රටවල් කුමන තීරණයක් ගත්තත් තමන් සිරියා කැරැලිකරුවන්ට ආයුධ දී ඔවුන් ශක්තිමත් කරන බවය.
මේ අතර බලයෙන් ඉවත් වීම ප‍්‍රතික්ෂේප කරන සිරියා ජනපති බෂීර් අල් අසාද්ගේ රජයට දිගින් දිගටම අවි ආයුධ දෙන බව ඉරානය නිවේදනය කර ඇත. ඉරානය ඒ බව කියා සිටියේ බි‍්‍රතාන්‍යය සහ ප‍්‍රංශය ඔවුන්ගේ තීරණය දැනුම් දුන් අවස්ථාවේ ඊට ප‍්‍රතිචාර දක්වමිනි.
කැරැලිකාරුවන් සමඟ සටනේ දී සිරියානු රජයට ඉරාන හිස්බුල්ලා සටන්කාමීන්ගේ සහාය ද ලැබෙන බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසා ඇත.
මීට අමතරව පවතින අර්බුදයට ස්ථිරසාර විසඳුමක් සෙවීමේ අරමුණ ඇතිව ආයුධ සන්නද්ධ කැරැලිකරුවන් සමඟ මුහුණට මුහුණ සාකච්ඡා පැවැත්වීමට සිරියානු රජය යළිත් වරක් සූදානම් බව එරට විදේශ ඇමැති වලීඞ් අල් මුවාලීම් නිවේදනය කර තිබේ. ඊට රුසියාවේද සහාය හිමිවෙයි.



අදහස් (0)

සිරියානු කැරැලිකරුවන්ට ආයුධ දීම ගැන දෙවරක් සිතන්න

සකු Monday, 18 March 2013 09:25 PM

ආයුධ පාවිච්චිය ඒ තරම් සුභ නැත, (දී)

:       0       0

සංජය Monday, 18 March 2013 09:27 PM

ආමු අමුවේ මානව හිමිකම් කඩන්න යන්නේ (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1695 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1420 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 511 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site