ඉදිරි වසර 50 ඇතුළතුලදී මිනිසා අගහරු ග්‍රහයා මත ජනාවාස තනා ගනු ඇතැයි කිීර්තිමත් භෞතික විද්‍යාඥයෙකු හා අභ්‍යාවකාශ තරණය සම්බන්ධයෙන් පෙරළිකාර මත ඉදිරිපත්කරන්නෙකු වන මහාචාර්ය ස්ටීවන් හෝකින්ස් මත පලකරයි.
පසුගියදා අන්තර්ජාතික අභ්‍යාවකාශ මධ්‍යස්ථානයේ සිට සජීවීව විකාශය කෙරුණු රූපවාහිනී වැඩසටහනකට පෘථීවියේ සිට එක්වෙමින් හෙතෙම මෙසේ තම අදහස් දැක්වීය.
පෘථීවියේ සම්පත් ප්‍රමාණය ක්ෂය වෙමින් පවතින බවත් මෙනිසා දිනෙන් දින වැඩිවන ජනගහණය නඩත්තු කිරීමට නුදුරේදීම පෘථීවිය අපොහොසත්වනු ඇති බවත් හෙතෙම පැවසීය.
ඒ සදහා එකම විසදුම ලෙස ඔහු පෙන්වාදුන්නේ ග්‍රහලෝක වල ජනාවාස ඇති කර ගැනීමයි.ඒ සදහා දැන්ම කටයුතු කළ යුතුව ඇතැයි මහාචාර්ය හෝකින්ස් කීය.
අන්තර්ජාතික අභ්‍යාවකාශ මධ්‍යස්ථානයේ රුදී සිටින අභ්‍යාවකාශගාමීහූද මෙම වැඩසටහනේදී තම අදහස් ප්‍රකාශ කළහ.
2025 දෙසැම්බර් මස 18
569
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
282
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1084
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සියවස් බාගයකින් මිනිහා රතු තරුවේ පදිංචියට
මිහිර Friday, 21 March 2014 03:05 AM
කුමාරි බයවෙන්න එපා ලංකාවෙන් කව්රුවත් එහෙ එක්ක යන්නේ නැහැ.(නදී)
කුමාරි Thursday, 20 March 2014 02:36 PM
පෘතුවිය කාලා ඒ ගමන අගහරු කන්න ද ලැස්ති? (අ)
සිරා Friday, 21 March 2014 10:03 AM
ඊට කලින් අර නැතිවුණු ප්ලේන් එක හොයාගන්න විදියක් බැලුවොත් හොදයි නේද ? (නදී)
දයා අලහාකෝන් Thursday, 20 March 2014 05:18 PM
පළමුව දේශපාලුවන් යවා එහි වැඩ පටන්ගනිමු.(නදී)
කමල් Friday, 21 March 2014 01:32 PM
අඟහරු වලට ගියොත් ග්‍රහ බලපෑම් එහෙම කොහොම වෙයිද දන්නෑ. සාත්තර කියන අයට තියරි එහෙම වෙනස් කරන්න වෙයි වගේ.(නදී)
ඉන්දික Saturday, 22 March 2014 11:28 AM
බොරු වැඩ. ලෝක ජනගහනයෙන් කීදෙනෙක් යවන්න පුළුවන් වෙයිද? අඩුම ගන්නේ 0.0001% ? ඊට වැඩ ලේසි නැද්ද ග්‍රීන්ලන්තේ වගේ රටවල් වල මිනිස්සු පදිංචි කරන්න පුළුවන් විදියක් හෙව්ව නම්. සල්ලිත් ඉතුරුයි. යන්නත් ලේසියි. (අ)
ධර්මේ Sunday, 23 March 2014 08:28 PM
ඉන්දික, වෙනත් ග්‍රහ ලොවක මිනිසුන් පදිංචි කිරීමේ මූලික අරමුණ ඔබ සිතන දෙය නෙවෙයි. යම් හෙයකින්, ලොව මිනිස් සංහතිය එක්වරම සම්පූර්ණයෙන් විනාශ වුවහොත්, එයට පිලියමක් ලෙස මිනිස් මූල පවත්වා ගැනීම මෙහි මූලික අරමුණයි.(නදී)
විද්‍යා Friday, 21 March 2014 12:43 AM
මට මේ දවස්වල සෙනසුරු ලබලා තියෙන්නේ. මම එන්නම් යන්ඩ. සෙනසුරා අඟහරුට බයයි.(නදී)
මිහිර Tuesday, 25 March 2014 06:49 AM
මෙතුමා මුළු ඇමරිකාවේම ගෞරවය දිනාගත්තු අගනා විද්‍යාඥයෙක්. විශ්වයේ සම්බවය ගැන ප්‍රයෝගික මත පළකරපු විද්වතෙක්. මොහු අංශබාග රෝගයෙන් පෙලෙන මුත් විශ්ව ගවේෂණය නවතා දමා නැහැ.(නදී)
රමණි Thursday, 20 March 2014 01:18 PM
අදහස හොදයි කව්ද යන්නේ ? පළමුවෙන්.(නදී)