IMG-LOGO

2025 නොවැම්බර් මස 07 වන සිකුරාදා


සියල්ල නැසෙන හැටි උගන්වයි

ටිබෙටයෙන් පැමිණි යැයි සැලකිය හැකි භික්ෂූන්  පිරිසකි. ඒ හිමිවරු විවිධ වර්ණයන්ගෙන් යුත් වැලි කැට මේසයක් මත රටාවකට තබති.

ඔවුන් මේ කාර්යයේ යෙදෙන්නේ පෙර දිනයේ සිටය.දැනටමත් ඔවුන් පැය 30 කට ආසන්න කාලයක් මේ සදහා ගතකර ඇත.

 වැලි කැට ඉතා සියුම් ලෙස තැන් තැන්හි රැඳීවීමෙන් තැනුණු ඉතා අලංකාර මෝස්තරයක් මේසය මතය.

පැමිණ සිටින ගිහියෝ එය ආශාවෙන් නරඹති.මෙවන් අලංකාර දෙයක් දැක නැතැයි කියති.

එය නිර්මාණය කළ භික්ෂූන් පිරිස යළිත් ඉදිරියට පැමිණෙති. පැය 30 කටත් වඩා කාලයක් වෙහෙසවී නිර්මානය කළ තමන් මෙන්ම අනුන්ද සතුටින් සැනසූ එම අලංකාර මෝස්තරයේ ඇති වැලි ඒ මේ අත විසිරුවා දමා එය විනාශ කර දමති.ගිහියෝ මෙදෙස බලා සිටින්නේ විමතියෙන් අයා ගත් දෙනෙත් ඇතිවය.

අනතුරුව නායක හිමියෝ තැන ඉදිරියට වඩිති. මේ දේ කළේ සියලූ දේ අනිත්‍ය බව පෙන්වා දීමට යැයි උන්වහන්සේ කියති.

සියලූ දේ අනිත්‍ය යැයි පරම සත්‍ය ගිහියන්ට මෙන්ම පැවිද්දන්ටද පසක් කිරීමට මෙම අපූරු උපක්‍රමය යොදාගන්නා භික්ෂූ පිරිස සිටින්නේ ඉන්දියාවේ කර්ණාටක ප්‍රාන්තයේය. එහි පිහිටා ඇති ‘ඩ්‍රෙපුනග් ලොසෙලින්ග්‘ ආශ්‍රමය ඔවුන්ගේ නිවහන වේ. ඔවුහු තමන්  ‘ටිඛෙට් ගුප්ත කලා කණ්ඩායම‘ ලෙස හදුන්වා ගනිමින් සංචාරයේ යෙදෙති.

මෙම වැලිවලින් තැනෙන රටා හැදින්වෙන්නේ ‘මණ්ඩා‘ ලෙසය.මෙය ඔවුන්ටම ආවේණික වූ කලාවකි.මේසයක් මත දළ වශයෙන් රටාව පිහිටිය යුත්තේ කෙසේදැයි ඇඳගත් පසු ඔවුන් ‘චක් පර්‘ නම් මෙවලමක් ආධාරයෙන් සියුම් ලෙස ඒ මත විවිධ වර්ණයන්ගෙන් යුත් වැලි කැට අතුරා මෝස්තරය මවයි.

මෝස්තරය නිම කැර එය වහා විනාශ කර දමයි.

‘මෝස්තරය නිර්මාණය කිරීමත් අභියෝගයක්.මොකද ‘චක් පර්‘ උපාංගය භාවිතා කරන්න ඕනේ සංයමයෙන්.අනෙක මෝස්තරය නිර්මාණය කරනකොට තමන් සමග වැඩකටයුතු කරනා අනෙක් භික්ෂූනුත් සමග සහයෝගෙයෙන් කටයුතු කිරීමටත් දැනගෙන සිටින්නට ඕනේ‘ යැයි පවසන්නේ එක් භික්ෂුවකි.

‘අවසානයේ එය විනාශ කර දැමෙනවා.මෙයින් වැදගත් පණිවුඩයක් අපට මෙන්ම ගිහියන්ටත් ලැඛෙනවා.මොකද අප කොහොම සිතා සිටියත් අපගේ කය ඇතුලූ සියලූ දේවල් කල් ඉකුත්වෙන දවසක් පැමිණෙනවා.කිසිම දෙයක් සදාකාලික නැහැ.ඒක අවබෝධ කරගෙන වැඩකටයුතු කිරීම හිතට සැනසීමක්‘ උන්වහන්සේ කියන්නේය.



අදහස් (0)

සියල්ල නැසෙන හැටි උගන්වයි

කුමාරි Friday, 02 May 2014 10:56 PM

කුමාර් පිස්සු තියෙන අයට අනිත් අය පේන්නෙත් පිස්සෝ වගේලුනේ.සියලු සංස්කාර ධර්මයෝ නැසෙන සුළුයි. බුදු දහමේ සත්‍යය එයයි (දී)

:       0       0

රුවිනි Saturday, 03 May 2014 12:02 AM

ප්‍රයෝගිකව තමයි මේ දේවල් ඉගෙන ගන්න ලේසිම (දී)

:       0       0

කුමාර් Thursday, 01 May 2014 10:50 PM

මෙයාලට භාවනා කරලා වැඩිවෙලා වෙලාවකට පිස්සු හැදිලා වගෙයි (ස)

:       0       0

දිනා Saturday, 03 May 2014 12:29 AM

මේ පාඩම බලන්න මටත් හරිම ආසයි (දී)

:       0       0

රොෂ්චින්ද ද සොයිසා Friday, 02 May 2014 12:54 AM

හොද ආදර්ශමත් කලාවක් "මැනඩලා" මානසික රෝගීන් සදහා ද බාවිතා කරයි මෙයින් තන්හා ආෂා දුරුවේ.(නදී)

:       0       0

හේමන්ත Friday, 02 May 2014 04:17 PM

මේවාට සංස්කෘතයෙන් කියන්නේ මණ්ඩල කියලා. සිත මනාව පිහිටුවා සංයමයෙන් කළ යුතු නිර්මාණයකි. මණ්ඩල නිර්මාණය නැරඹීමට පහත දැක්වෙන ලින්ක් එක ක්ලික් කරන්න. http://www.youtube.com/watch?v=GA3su0ECdPc (ස)

:       0       0

රොකී Friday, 02 May 2014 07:16 AM

සියල්ලම නැති වුණත් විධායක ජනාධිපතිකම නැති වෙන්නේ නැහැ. (නි)

:       0       0

රන්ජිත් Friday, 02 May 2014 07:46 AM

උප්පාද වය ධම්මිනෝ. ඇති වන්නේ නැතිවීමටය. (නි)

:       0       0

සදුන් Friday, 02 May 2014 07:23 PM

සබ්බේ සංඛාරා අනිත්‍යා... (නි)

:       0       0

සුනිල් Friday, 02 May 2014 08:09 PM

හේමන්ත, ඔබට ස්තුතියි. යූටියුබ් ලින්ක් එක දැමීමෙන් ලිපියට ඔබ වටිනාකමක් එකතුකර ඇත. (නි)

:       0       0

උපුල් Friday, 02 May 2014 09:43 AM

කුමාර්, ඔබත් නැතිවෙන සුළුයි. (ස)

:       0       0

චමින්ද Saturday, 03 May 2014 11:40 AM

කුමාර්,මම අවුරුදු දෙකක පමණ කාලයක සිට ඔබ දක්වන අදහස් කියවනවා.මට ඔබ ගැන හොඳට මතකයි. බුදු දහමට සම්බන්ධ මොන දෙයක් මෙතන පළ වුණත්, එයට ඔබ දමන අදහස,ගැරහිලි අදහසක් වීම අනිවාර්යයි.අනිකුත් ආගම් වලට ගැරහීමෙන් වළකින්න.එය වසලයන්ගේ වසල ගතියකි.විහින් වසලයකු නොවන්න. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 305 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2126 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1616 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site