IMG-LOGO

සාධාරණ මැතිවරණයක් ඉල්ලා මැලේසියානුවෝ වීදි බසිති

මැලේසියාවේ පැවැත්වීමට නියමිත මහ මැතිවරණය සාධාරණ ලෙස පැවැත්වීමට මැතිවරණ නීති සකස් කරන්නැයි රජයට බල කරමින් ක්වාලාලාම්පූර් අගනුවර පෙරේදා (28) දැවැත්න විරෝධතා පෙළපාළියක් පැවැත්වුණු අතර 25,000 කට වැඩි පිරිසක් ඊට සහභාගී වූහ. විරෝධතාකරුවන් පලවා හැරීමට කැරැලි මර්දන පොලිසිය යෙදවීමට රජය පියවර ගත් අවස්ථාවේදී කෝපයට පත් විරෝධතාකරුවන් සහ පොලිසිය අතර ගැටුමක් හට ගත් බව වාර්තා වේ. එයින් පොලිස් නිලධාරීන් තිදෙනකු සහ විරෝධතාකරුවන් පස් දෙනකු තුවාල ලැබූ බව රෝහල ආරංචි මාර්ග පවසයි. විරෝධතාකරුවන් මර්දනය කිරීමට පොලිසිය බැටන් පොලූ, කඳුළු ගෑස් සහ රසායන දියර මුසු කළ ජල ප‍්‍රහාර ද එල්ල කළේය. පුද්ගලයන් හාරසිය හැත්තෑ එක් දෙනකු අත්අඩංගුවට ගත් බව ද පොලිසිය පවසයි. එම විරෝධතාව පැවැත්වූයේ ද නගරයේ මහජන රැස්වීම් පැවැත්වීම තහනම් කර ඇති අවස්ථාවකදීය. සිවිල් නිදහස පුළුල් කරන බවට මැලේසියා අගමැති නජීබ් රාසක් ලබා දී ඇති පොරොන්දුව එම තහනම නිසා කඩ වී ඇතැයි   විරෝධතාකරුවෝ චෝදනා කරති. පෙළපාළිය ආරම්භ වූ අවස්ථාවේදීම පොලිසිය මාර්ග බාධක යොදා ක්වාලාලාම්පූර් නුවර නිදහස් චතුරස‍්‍රයට පිවිසෙන මාර්ග අවහිර කළේය. විරෝධතාකරුවන් උත්සාහ ගත්තේ නිදහස් චතුරස‍්‍රයට පැමිණීමටය. එම විරෝධතාව සංවිධානය කර තිබුණේ මැලේසියා විපක්ෂ දේශපාලන කණ්ඩායම්ය. අගනුවර පැවැති විරෝධතාවලට අමතරව තවත් ප‍්‍රධාන නගර කිහිපයකද විරෝධති පැවැත්වුණු බව වාර්තාවේ. ”අගමැති නජීබ් රාසක්ට අප කියන්නේ එක පණිවුඩයයි. ඔහු පිරිසුදු ඡන්දයක් පැවැත්විය යුතුයි.” විරෝධතාවට එක්ව සිටි මැලේසියානු විපක්ෂ නායක අන්වර් ඊබ‍්‍රහීම් පැවැසීය. මේ අතර මැලේසියා රජය ඊයේ (29) කියා සිටියේ අත්අඩංගුවට ගත් හාරසිය හැත්තෑ එක් දෙනා නිදහස් කිරීමට කටයුතු කළ බවය. විරෝධතාකරුවෝ



අදහස් (0)

සාධාරණ මැතිවරණයක් ඉල්ලා මැලේසියානුවෝ වීදි බසිති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 95 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 18 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 674 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

Our Group Site