IMG-LOGO

2025 ජුනි මස 10 වන අඟහරුවාදා


සුදු දුමක්: පාප් ධුරයට සුදුස්සෙක් තෝරා ගැනෙයි

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමන් ස්වර්ගස්ථවීමෙන් පසු, පාප් ධුරය සඳහා සුදුස්සකු තෝරා ගැනීම මීට සුළු මොහොතකට පෙර සිදුවිය. ඒ, වතිකානයේ සිස්ටයින් දෙව්මැදුරේ පැවැති කාදිනල්වරුන්ගේ රහස් ඡන්දයෙනි.

කොන්ක්ලේව් නමින් හැඳින්වෙන මෙම රහස් ඡන්ද විමසුමට කාදිනල්වරුන් 133 දෙනකු එක්වුණු අතර, ඔවුන් ඡන්ද විමසුම් කීපයක් පවත්වමින් නව පාප්වරයකු තෝරා ගැනීම ආරම්භ කළේ ඊයේ (7) දිනයේ සිටය.

මුල් ඡන්ද විමසුම්වලදී පාප් ධුරයට සුදුස්සකු තෝරා ගැනීමට නොහැකි වුණු අතර, එය සනිටුහන් වූයේ සිස්ටයින් දෙව් මැදුරේ චිමිනියෙන් කළු දුමක් පිට කිරීමට සලස්වමිනි. පාප් ධුරයට පත්වීමට තුනෙන් දෙකක බහුතරය අවශ්‍ය වෙයි.

අද (8) මීට මිනිත්තු කීපයකට පෙර පැවැති ඡන්ද විමසුමේ දී පාප් ධුරයට සුදුස්සකු තෝරා ගත් බව, කාදිනල්වරුන් දැනුම් දුන්නේ සිස්ටයින් දෙව් මැදුරේ චිමිනියෙන් සුදු දුමක් පිට කිරීමට සලස්වමිනි.

ඒ අනුව ශාන්ත පීතර චතුරස්‍රයට රැස්ව සිටි පිරිස් ප්‍රීති ඝෝෂා පවත්වන්න වූ අතර, සිස්ටයින් සීනු නාද කරමින් නව පාප්වරයකු තෝරා ගැනීම පිළිබඳ සුබ පණිවුඩය නිවේදනය කෙරුණි.



අදහස් (1)

සුදු දුමක්: පාප් ධුරයට සුදුස්සෙක් තෝරා ගැනෙයි

Nandalal DE SILVA - France Thursday, 08 May 2025 11:16 PM

69 වියැති ඇමෙරිකානු ජාතික, රොබට් ෆ්‍රැන්සිස් ප්‍රිවොස්ට් කාදිනල්තුමා නව පෝප් ධුරයට තෝරාපත්කරගෙන ඇත.

:       1       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 793 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 386 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 518 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site