IMG-LOGO

සෞදියේ පිපිරීමක්

පළමු ලෝක යුද්ධයේ අවසානය අනුස්මරණය කරමින් සෞදි අරාබියේ ජෙඩා නුවර සුසාන භූමියක පැවැති උත්සවයකට එල්ල වූ ප්‍රහාරයකින් කිහිපදෙනකු තුවාල ලබා ඇතැයි වාර්තා වේ.

යුරෝපීය රටවල රාජ්‍ය තාන්ත්‍රිකයන් ඇතුළු රටවල් කිහිපයක නියෝජිතයන් මෙම අවස්ථාවට එක්ව සිටි බව මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් ප්‍රංශ විදේශ අමාත්‍යාංශය සඳහන් කළේය.

“මෙය වාර්ෂිකව පැවැත්වෙන උත්සවයක්. ජෙඩා නුවර මුස්ලිම් නොවන සුසාන භූමියකදී මෙම අනුස්මරණ උත්සවය පැවැත්වුණා. ප්‍රංශය ද ඇතුළුව තවත් රටවල් කිහිපයක රාජ්‍ය තාන්ත්‍රික නියෝජිතයන් මෙම අවස්ථාවට එක්වුණා. බෝම්බ ප්‍රහාරයෙන් මේ වනවිට කිහිපදෙනකු තුවලා ලබලා” යැයි ප්‍රංශ විදේශ කටයුතු අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ දැක්වේ.

“මෙම බියගුළු, නිවට සහ සාධාරණීයකරණය කළ නොහැකි ප්‍රහාරය අපි දැඩිව හෙළා දකිනවා” යැයි ද ප්‍රංශ විදේශ කටයුතු අමාත්‍යාංශයේ සඳහන් කළේය.

මෙලෙස ප්‍රහාරයක් එල්ල වූ බව ග්‍රීසියේ නියෝජිතයකු ද පැවැසූ අතර ඔහු සිය නම සඳහන් කිරීම ප්‍රතික්ෂේප කළේය.  

“ජෙඩා නුවර මුස්ලිම් නොවන සුසාන භූමියක පිපිරීමක් සිදුවුණා. පිපිරීමෙන් සිවුදෙනකු තුවාල ලැබුවා. ඔවුන් අතර ග්‍රීක ජාතිකයකුත් ඉන්නවා” යැයි එම නිලධාරියා කීය.

ඉන් පැයකට පසු ප්‍රහාරයක් එල්ල වූ බවත් දෙදෙනකු තුවාල ලැබූ බවත් සෞදි බලධාරීහු කීහ. ග්‍රීක ජාතිකයකු සහ සෞදි ආරක්ෂක නිලධාරියකු පමණක් එම ප්‍රහාරයෙන් තුවාල ලැබූ බවත් එය බියගුළු ප්‍රහාරයක් බවත් සෞදි බලධාරීහු කීහ.

ප්‍රහාරය සම්බන්ධයෙන් මේ වනවිට විමර්ශන කරන ඇතැයි සෞදියේ රාජ්‍ය පුවත් සේවය වන එස්.පී.ඒ පුවත් සේවය නිවේදනයක් උපුටා දක්වමින් වාර්තා කළේය.

අද පස්වරු වනතුරුත් කිසිවකුත් ප්‍රහාරයේ වගකීම බාරගෙන නොතිබිණි.

ප්‍රංශය, ග්‍රීසිය, ඉතාලියා, ඇමෙරිකා එක්සත් ජනපදය සහ එක්සත් රාජධානිය යන රටවල රාජ්‍ය තාන්ත්‍රික නියෝජිතයන් මෙම අවස්ථාවට එක්ව සිටි බව අල්ජසීරා පුවත් සේවය ප්‍රංශ වාර්තා උපුටා දක්වමින් වාර්තා කර තිබිණි.

ඒ.එෆ්.පී./රොයිටර්ස්

055



අදහස් (0)

සෞදියේ පිපිරීමක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 92 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 152 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 1013 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site