ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර රටවල් දිගින් දිගටම සටන් විරාමයක් ඉල්ලා සිටියත්, ඊශ්‍රායලය ඊට කන් නොදී, දිගින් දිගටම ලෙබනනයේ හිස්බුල්ලා ඉලක්ක වෙත පහර දෙන බව විදෙස් මාධ්‍ය පවසයි.
සටන් විරාමයකට ගොස් ලෙබනන් සිවිල් වැසියන්ගේ ජීවිත ආරක්ෂා කරන්නැයි ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර රටවල්, ඊශ්‍රායලයෙන් ඉල්ලා සිටි අවස්ථාවේදී, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු ඊශ්‍රායල හමුදාවට අණ දී ඇත්තේ, ලෙබනන් හමාස් සටන්කාමීන් ඉලක්ක කර ගනිමින් සම්පූර්ණ හමුදා ශක්තිය යොදවා පහර දෙන ලෙසටය.
සටන් විරාමයකට ගොස් ලෙබනන් සිවිල් වැසියන්ගේ ජීවිත ආරක්ෂා කරන්නැයි ඊශ්‍රායලයට බල කළ සෙසු රටවල් වන්නේ එක්සත් රාජධානිය සහ යුරෝපා සංගමයට අයත් රටවල්ය.
ඊශ්‍රායලයේ මෙම ක්‍රියා කලාපය ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්ගේ දැඩි කනස්සල්ලට පත්ව ඇතැයි ද පැවැසෙයි.
මේ වනවිට පසුගිය පැය 24 තුළ පමණක් දකුණු ලෙබනනයට ඊශ්‍රායල හමුදා එල්ල කළ ප්‍රහාරවලින් ලෙබනන් වැසියෝ 90 දෙනකු ජීවිතක්ෂයට පත්වුණු බව ලෙබනන් සෞඛ්‍ය අමත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
සටන් විරාමයකට උනන්දුවක් නෑ