ශාස්ත්‍රීය සංගීතය ඇසීමට සැලැස්වීමෙන් තරුණ ළමුන්ගේ මානසික ඒකාග්‍රතාව හා විනය වර්ධනය වන්නේ යැයි නවතම අධ්‍යයනයකින් හෙළි වී තිබේ. සංගීතය භාවිතය හේතුවෙන් සාමාන්‍ය ශ්‍රවන හැකියාව හා සමාජීය හැකියාවන් ද වර්ධනය වන බව තහවුරු වී තිබේ. පසුකාලීනව ඔවුන්ගේ සංගීත රසාඥතාව ද ඉහළ ගොස් ඇතැයි ද ලන්ඩන් විශ්වවිද්‍යාලයේ සිදුකරන ලද පරීක්ෂණයකින් තහවුරු වී ඇත.
සංගීතඥයන්ට තියුණු බුද්ධියක් තිබෙන බවත් මානසිකව කඩා වැටීම් අඩුවන බවත් තහවුරු වූ කරුණකි. පියානෝව, බටනලාව හෝ වයලීනය වැනි භාණ්ඩ හේතුවෙන් මිනිසුන්ගේ අතපසුවීම් ඉක්මණින් ග්‍රහණය කරගැනීමට හැකි බවත් ඒවා ඉක්මණින් යථාතත්ත්වයට පත්කැර ගත හැකි බවත් සොයාගෙන ඇත.
එම පර්යේෂණ කණ්ඩායමේ මහාචාර්ය සුසාන් හැලම් ටවර් හැම්ලට්ටස් ප්‍රාථමික පාසල් 26ක ළමයි 4500ක් යොදා ගනිමින් මේ පර්යේෂණය සිදුකැර ඇත. මෙහිදි ඇතිවූ වැදගත්ම ප්‍රතිලාභය වී ඇතතේ සවන්දීමේ හැකියාව දියුණු වීමයි. ඊට අමතරව මානසික ඒකාග්‍රතාව, තමන්ගේ අභිලාෂයයන් වර්ධනය වීම, විනය, පුද්ගලික සහ සමාජීය හැකියාවන් ඉහළ යාම සිදුවූ බව පර්යේෂකයෝ කියති.
සංගීත භාණ්ඩ වාදනයට පුරුදු වීමෙන් මානසික පිරිහීම නැතිවී ශක්තිමත් මනසක් ගොඩනැගෙන බව ද පර්යේෂකයන් තහවුරු කැර ඇත.
2025 නොවැම්බර් මස 04
100
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2027
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1565
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
සංගීතයෙන් විනය හැදෙයි
ආචාර්ය එඩ්වර්ඩ් පෙරේරා ජර්මනිය Monday, 13 January 2014 05:57 PM
මෙවැනි ලිපියක් ලංකාවේ සිංහල කියවන පාඨක යින් අතට පත් කිරීම ලංකාදීප පුවත් පත ගෙන ඇති තීරණය අප අගය කළ යුතුයි. රටක අනාගතය කියන්නේ අද දින දරුවාගේ මානසික වර්ධනයයි. දරුවා ට අද දින දිය යුතු නිවැරදි දේ දීමෙන් ඔහු දිනක වැඩි හිටියෙකු වී තව දරුවන් විශාල ප්‍රමාණයක් යහමග යවනු ඇත. සංගීතය යනු අපේ ජාන ශක්තියේම කොටසක් වී ඇති නිසා අපේ දරුවන් වෙනත් ව්‍යාසන වලින් බේරා ගැනීමට මෙය ප්‍රබල මාධ්‍යයක් කර ගත හැකියි.(දිල්)
ආචාර්ය එඩ්වර්ඩ් පෙරේරා ජර්මනිය Monday, 13 January 2014 01:09 AM
මෙවෙනි ලිපි ශ්‍රී ලංකාවේ සිංහල කියවන පාඨක යින් අතට පත් කිරීම ලංකාදීප පුවත් පත ගෙන ඇති තීරනය අප අගය කල යුතුයි. රටක අනාගතය කියන්නේ අද දින දරුවාගේ මානසික වර්ධනයයි. දරුවා ට අද දින දිය යුතු නිවැරදි දේ දීමෙන් ඔහු දිනක වැඩි හිටියෙකු වී තව දරුවන් විශාල ප්‍රමාණයක් යහ මග යවනු ඇත. සංගීතය යනු අපේ ජාන ශක්තියේම කොටසක් වී ඇති නිසා අපේ දරුවන් වෙනත් ව්‍යාසනවලින් බේරා ගැනීමට මෙය ප්‍රබල මාධ්‍යයක් කර ගත හැකියි.(නදී)
සිල්වා Monday, 13 January 2014 11:43 PM
බටහිර සංගීතය විනාශ කලේ වැදගැම්මකට නැති කලු ගෝත්‍රික රැප් සංගීතයයි කියා මගේ හැඟීමයි. මේ සංගීතයෙන් ලමුන්ගේ පමණක් නොව වැඩිහිටියන්ගේ පවා මනස අවුල් කරයි. (නදී)
නන්දා Tuesday, 14 January 2014 06:35 AM
හැබැයි...බහු බූත දඩිබිඩි සංගීතයෙන් නොවෙයි. සරල හා ශාස්ත්‍රීය සංගීතයෙන් තමයි විනයක් සහිත වින්දනයක් ලැබෙන්නේ.. (දී)
පෙරේරා Tuesday, 14 January 2014 07:51 AM
වත්මන් සින්දු ඇහෙනකොටනම් මැරෙන්න හිතෙනවා (දී)
ආනන්ද කුමාර නායක Tuesday, 14 January 2014 08:41 AM
ඉතාමත් හොඳ සොයාගැනීමක් (දී)