
(විමුක්ති එස් රුද්‍රිගු)
පෙන්සිල්වේනියා මැතිවරණ රැලියේ දී වෙඩි ප්‍රහාරයෙන් කන තුවාල වී, ලේ පෙරාගෙන, ආරක්ෂක අංශ විසින් වටකර ගත් හිටපු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් එක් අතක් ඔසවා ජයග්‍රාහී ලීලාවෙන් සිටන ඡායාරූපය එක රැයින් ලොව පුරා ජනප්‍රිය විය.
දැන් එම ඡායාරූපය මුද්‍රණය කළ, ටී ෂර්ට් විකිණීමට ඇති බව විදෙස් මාධ්‍ය පවසයි. ඔන්ලයින් ඇණවුම් කර මෙම ටී ෂර්ට් මිලදී ගැනීමට හැකි බව ද පැවැසෙයි. ‘මම දැන් ශක්තිමත්’, ‘වෙඩි උණ්ඩයට මම බය නැහැ’, ‘මම පරාජය බාර ගන්නේ නැහැ’ ආදී ට්‍රම්ප්ගේ ප්‍රකාශ කීපයක් එම ටී ෂර්ට්වල සඳහන් වෙයි.
මෙම ටී ෂර්ට් නිපදවා ඇත්තේ චීන සමාගමක් බව ද පැවැසෙයි.
(එන්.ඩී.ටීවී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ වගේමයි අර එක්කෙනෙක් මහ දවල් මරලා ඊළඟ දවසේ පෝස්ටර් ගහලා තිබ්බේ.
ඕනෑම දෙයක් විකුණන වර්ථමාන ව්‍යාපාර විද්‍යාව...
ඔය ට්‍රම්ප්ලා ප්ලෑන් කරලා කරපු ෂූට් එකක්...
චීන්නුන්ට පුළුවන්නම් පඩෙත් විකුණනවා