
ඇමෙරිකාවේ වොෂින්ටන් අගනුවර, ඊශ්‍රායල තානාපති කාර්යාලය ඉදිරිපිට තරුණයකු ගිනි තබා ගත්තේය. ඒ, ඊශ්‍රායල ප්‍රහාරවලින්, ගාසා තීරයේ පලස්තීන සිවිල් වැසියන් මියයෑමට විරෝධය දැක්වීමක් ලෙසය.
පෙට්‍රල් වත් කර ගනිමින්, තරුණයා සිරුරට ගිනි දල්වා ගෙන ඇත්තේ ‘පලස්තීනුවන්ට නිදහස’ යැයි කෑ ගසමිනි. පිළිස්සුම් තුවාල ලැබූ එම තැනැත්තා කඩිනමින් රෝහල්ගත කිරීමට පියවර ගත් බව පැවැසෙයි.
ඔහු ඇමෙරිකන් ජාතිකයකු බවත් ඇමෙරිකන් ගුවන් හමුදාවේ, සේවයේ නියුතු අයකු බව පොලිසිය පසුව පැවැසීය. රෝහල් ආරංචි මාර්ග පැවැසුවේ, තරුණයාගේ තත්ත්වය බරපතල බවය.
(ඒ.එෆ්.පී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd